අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා (CIABOC) නිලධාරීන් සඳහා කොරියාවේ දී පැවැත්වෙන දූෂණ විරෝධී පුහුණු පාඨමාලාව

කොරියානු ජනරජයේ දූෂණ විරෝධී හා සිවිල් අයිතිවාසිකම් කොමිෂන් සභාව (ACRC) විසින් ශ්‍රී ලංකාවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කරන ලද පුහුණු පාඨමාලාව 2023 මැයි මස 15 දින සිට 19 දින දක්වා පැවැත්වේ.

රාජ්‍ය සේවය තුළ පවතින අල්ලස හා දූෂණය නිවාරණය හා සුපිළිපන්නභාවය ඉහළ නැංවීම සඳහා භාවිත කළ හැකි දූෂණ විරෝධී ක්‍රියාමාර්ග පිළිබඳව CIABOC නිලධාරීන්ගේ නිපුණතා හා ධාරිතා වර්ධනය කිරීම මෙම පස්දින පුහුණු පාඨමාලාවේ අරමුණ වේ. සුපිළිපන්නතා ඇගයීම්, දූෂණ අවදානම් ඇගයීම් හා තොරතුරු ලබාදෙන්නන් ආරක්ෂා කිරීම යන කරුණු ඇතුලත්ව දූෂණ විරෝධී හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ දූෂණ මර්ධන පියවරයන් සම්බන්ධයෙන් මෙම පුහුණු පාඨමාලාවේදී අවධානය යොමුකරනු ඇත.

මෙම පුහුණු පාඨමාලාව රාජ්‍ය සේවය තුළ දූෂණ මර්ධනය සම්බන්ධයෙන් ගතයුතු ඵලදායී පියවර පිළිබඳව CIABOC විසින් තම නිලධාරීන් පුහුණු කිරීම සඳහා ACRC සහාය පැතීමේ ප්‍රතිඵලයකි.

1684153333256

1684153349412

1684153349412

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search