පුද්ගලයෙකු විසින් ඉල්ලුම් කරන ලද වෙළඳ බල පත්‍රය ලබා දීමට අවශ්‍ය කටයුතු කරදීම සඳහා වෙනත් පුද්ගලයන් දෙදෙනෙකුට රු.2,000,000/-ක (රුපියල් ලක්ෂ විස්සක) මුදල් අල්ලසක් ලබාදෙන ලෙස ඉල්ලීම හා රු.1,500,000/- (රුපියල් ලක්ෂ පහළොවක) මුදල් අල්ලසක් ලෙස ඉල්ලා ලබාගැනීමට අනුබල දීමේ චෝදනා මත හිටපු වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ සදාසිවම් වියාලේන්ද්‍රන් 2025.03.25 දින ප.ව.1.20 ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දී අත්අඩංගුවට ගන්නා ලදී.







