අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපතිවරයා ගොනුකළ මූලික අයිතිවාසිකම් නඩුව විභාගයට නොගෙන නිශ්ප්‍රභා කෙරේ

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් 2023.11.10 වන දින සංවිධානය කරන ලද වැටලීමක දී රුපියල් ලක්ෂ 100ක මුදලක් අල්ලසක් ලෙස අයද, භාර ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගැනීම අභියෝගයට ලක් කරමින් එහි පළමු සැකකරුවන මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපතිවරයකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් 2024.02.20 දින විමසීම සඳහා අවසර ලබා නොදෙමින් මුල් අවස්ථාවේ දීම නිශ්ප්‍රභා කරන ලදී.

පෙත්සම්කරු විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු සාමාජිකයින්, වර්තමාන කොමිෂන් සභා සාමාජිකයින්, නීතිපති, පොලිස්පති, කොමිෂන් සභා ලේකම්, කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් දෙදෙනෙකු හා කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපති යන අය වගඋත්තරකරුවන් කරමින් අංක 295/23 යටතේ මෙම නඩුව පවරා තිබුණි.

වගඋත්තරකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ශමින්ද වික්‍රම මහතා සමගින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් දිස්නා ගුරුසිංහ මහත්මිය සහ සහකාර අධ්‍යක්‍ෂ (නීති) අමා විජේසිංහ මහත්මිය පෙනී සිටින ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search