ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යාල කාර්ය සහායකවරයෙකුට වසර දෙකක අත්හිටවූ සිරදඩුවම් හා දඩ නියම කිරීම

රු. 5,000/- ක අල්ලස් ඉල්ලා, ලබාගැනීම සම්බන්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් ලංකා විදුලි බල මණ්ඩලයේ කාර්යාල කාර්ය සහායකවරයෙකුට එරෙහිව නඩු අංක HCB 66/2020 මගින් ගොනු කළ නඩුවකට අදාළව, අදාළ චූදිත විසින් වරද පිළිගැනිම මත 2024.02.19 වන දින කොළඹ මහාධිකරණ අංක 02 හි ගරු විනිසුරු අමල් රණරාජා මැතිතුමා වීසින් දඩුවම් නියම කරන ලදී.

ඒ අනුව, අදාළ කාර්යාල කාර්ය සහායකවරයාට චෝදනා 06 ක් සඳහා එක් චෝදනාවකට වසර 02 ක බැගින් එකවිට ගෙවී යන ලෙස සිරදඬුවම් නියම කරන ලද අතර, එය වසර 05 කට අත්හිටුවන ලදී. එමෙන්ම, චෝදනා 06 ක් සඳහා එක් චෝදනාවකට රු. 5,000/- බැගින් රු.30,000/- ක දඩ මුදලක් සහ 1954 අංක 11 දරන අල්ලස් පනතේ 26 වන වගන්තිය ප්‍රකාරව රු. 5,000/- ක දණ්ඩනයක් ද ගරු විනිසුරුතුමන් විසින් නියම කරන ලදී.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් මෙම නඩුව සහකාර අධ්‍යක්ෂ (නීති) ගයාන් මාදුවගේ මහතා විසින් මෙහෙයවන ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search