රුපියල් 30,000/= ක (තිස්දහසක) මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් මධ්‍යම පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ දිස්ත්‍රික් කළමනාකාරවරයෙක් සහ කළමනාකරණ සහකාරවරයෙක් අල්ලස් චෝදනා මත අත්අඩංගුවට

ලබුකැලේ ප්‍රදේශයේ රියදුරු/ බස් රථ ව්‍යාපාරිකයෙකු විසින්  සිදුකරන ලද පැමිණිල්ලකට අනුව, රු.30,000/- ක අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධව මධ්‍යම පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ, නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙක් එම කාර්යාලයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් 2024.02.20 වන දින පෙ.ව. 10.10 ට පමණ අත්අඩංගුවට ගන්නා ලදී.

පැමිණිලිකරු මිළදී ගත් බස් රථයේ මාර්ග බලපත්‍රය, පැමිණිලිකරුගේ නමින් පවරා ගැනීමට අවශ්‍ය කටයුතු කර දීමට හා එහි දැනට පවතින බස් පංතිය වෙනස් කර රජයේ ගාස්තු අඩු මුදලක් වන පරිදි කටයුතු කර දීමට හා අදාළ මූල්‍ය සමගම වෙත ලිපියක් ලබා දීමට අවශ්‍ය කටයුතු කර දීම සඳහා රු. 30,000/- ක අල්ලස් මුදලක් භාර ගැනීම හා ඒ සඳහා ආධාර අනුබල දීම මෙහි පළමු සැකකරුවන මධ්‍යම පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ, නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලයේ කළමනාකරණ සහකාරවරයාට එරෙහිව පවතින චෝදනාවයි. එමෙන්ම ඉහත මුදල පළමු සැකකරු මගින් ඉල්ලා,  ලබා ගැනීම මෙහි දෙවන සැකකරුවන එම අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික් කළමනාකරුට එරෙහිව පවතින චෝදනාවයි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search