මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ධාවන කළමණාකරුවෙකුට වසර දෙකක බරපතල වැඩ සහිත සිරදඬුවම්

2019 වර්ෂයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් සිදුකළ වැටලීමක් මත, කොමිෂන් සභාව විසින් ගොනුකළ HCB 178/2022ි දරණ නඩුවේ දී වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ධාවන කළමණාකරුවෙකු අදාළ සියලුම චෝදනා සඳහා වරද පිළිගැනීම මත, කොළඹ මහාධිකරණ අංක 2හි ගරු විනිසුරු අමල් රණරාජා මැතිතුමා විසින් 2024.02.07 වන දින දඬුවම් නියම කරන ලදී.

මෙම නඩුවේ පැමිණිලිකරු විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ල ප්‍රකාරව වර්ෂ 2019 අප්‍රේල් මස 03 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් වැටලීමක් සංවිධානය කරන ලද අතර, එකී වැටලීමේ දී වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ අදාළ ධාවන කළමණාකරු විසින් රුපියල් ලක්ෂයක (රු.100,000/-) මුදලක තුටුපඩුරක් උපායදූත නිලධාරියෙකු ඉදිරියේ භාරගැනීම මත 1954 අංක 11 දරණ අල්ලස් පනතේ 19 (ආ) සහ (ඇ) වගන්ති යටතේ චෝදනා 04ක් සහිතව වූ අධිචෝදනා පත්‍රයක් ගොනු කරන ලදි.

ඒ අනුව, එක් එක් චෝදනාවන් සඳහා රුපියල් පන්දාහ (රු.5,000/-) බැගින් රුපියල් විසිදාහක (රු.20,000/-) දඩයක් ද, දඩ නොගෙවුවහොත් මාස 6 ලිහිල් සිර දඬුවම් ද ගරු විනිසුරුතුමන් විසින් නියම කරන ලදී. ඊට අමතරව වසර 2ක ක බරපතල වැඩ සහිත සිර දඬුවම් එකවිට ගෙවී යා යුතු බවට ද නියම කරන ලද අතර එකී සිර දඬුවම් වසර 5ක් දක්වා අත්හිටුවන ලදී. එසේම 1954 අංක 11 දරණ අල්ලස් පනතේ 26 වන වගන්තිය ප්‍රකාරව අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් ලක්ෂයක (රු.100,000/-) ක මුදල දණ්ඩනයක් වශයෙන් අයකර ගන්නා ලදී. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් මෙම නඩුව සහකාර අධ්‍යක්ෂ (නීති) උදාරි කුමාරිහාමි මහත්මිය විසින් මෙහෙයවන ලදි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search