2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතට අනුව වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීම

1988 අංක 74 දරන පනතින් සංශෝධිත 1975 අංක 01 දරන වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ පනත මගින් දක්වා ඇති වත්කම් හා බැරකම් ප්‍රකාශ කළ යුතු නිලධාරී/පුද්ගල ඛාණ්ඩවලට අමතරව, 2023 අංක 09 දරන දූෂණ විරෝධි පනතේ 80 වන වගන්තිය මගින් තවත් නිලධාරී/පුද්ගල ඛාණ්ඩ ගණනාවක් විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවය දක්වා ඇත.

එමෙන් ම, වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම සඳහා මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියක් ඇති කිරීමේ අවශ්‍යතාවය පනත මගින් දක්වා ඇති අතර, එම පද්ධතිය විධිමත්ව ආරම්භ කරන තෙක් නව පනතේ විධිවිධාන අනුව වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ ආකෘතියේ සංශෝධන කිහිපයක් සිදු කර ඇත.

ඒ අනුව, 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත අනුව, වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම පිළිබඳ ක්‍රමවේදය ඇතුළත් චක්‍රලේඛය සහ වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ සංශෝධිත ආකෘතිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය (www.ciaboc.gov.lk) මගින් 2024.03.01 දින සිට බාගත කරගැනීම සිදු කළ හැකිය.

මින් ඉදිරියට, නැවත දැනුම්දීමක් කරන තෙක් ඉහත කී චක්‍රලේඛය ප්‍රකාරව අදාළ නිලධාරීන්/ පුද්ගලයන් විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශන ඉදිරිපත් කළ යුතු වේ.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search