කුරුවිතැන්න ප්‍රදේශයේ සිවිල් පුද්ගලයෙකුට වසර දෙකක අත්හිටවූ සිරදඩුවම් හා දඩ නියම කිරීම

රු. 5,000/- ක මුදලක් අල්ලස් වශයෙන් පිරිනැමීම සම්බන්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් කුරුවිතැන්න ප්‍රදේශයේ සිවිල් පුදගලයෙකුට එරෙහිව නඩු අංක HCB 248/2023 මගින් ගොනු කළ නඩුවකට අදාළව, අදාළ චූදිත විසින් වරද පිළිගැනිම මත 2024.02.21 වන දින කොළඹ මහාධිකරණ අංක 02 හි ගරු විනිසුරු අමල් රණරාජා මැතිතුමා වීසින් දඩුවම් නියම කරන ලදී.

ඒ අනුව, අදාළ පුද්ගලයාට වසර 02 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් වසර 05 කට අත්හිටවා ඇති අතර එක් චෝදනාවකට රු. 5,000/- බැගින් රු. 10,000/- ක දඩ මුදලක් ද, දඩ නොගෙවුවහොත් මාස 06 බැගින් ලිහිල් සිර දඬුවම් ද ගරු විනිසුරුතුමන් විසින් නියම කරන ලදී. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් මෙම නඩුව සහකාර අධ්‍යක්ෂ ජනරාල් අනුරාධා සිරිවර්ධන මහත්මිය විසින් මෙහෙයවන ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search