අල්ලස් චෝදනා සඳහා වැරදිකරු වූ කොළොන්නාව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයෙකුට වසර 05 ක අත්හිටවු සිර දඩුවම් සහ දඩ නියම කිරීම

රු. 5,000/- ක අල්ලස් ඉල්ලා, ලබාගැනීම සම්බන්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් කොළොන්නාව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයෙකුට එරෙහිව ගොනු කළ නඩුවකට අදාළව, චූදිත විසින් වරද පිළිගැනීම මත 2024.02.26 දින කොළඹ මහාධිකරණ විනිසුරුතුමන් විසින් දඩුවම් නියම කරන ලදී.

ඒ අනුව, අදාළ ග්‍රාම නිලධාරීවරයාට චෝදනා 04 ක් සඳහා එක් චෝදනාවකට වසර 05 බැගින් එකවිට ගෙවීයන ලෙස සිරදඩුවම් නියම කරන ලද අතර, එය වසර 10 කට අත්හිටුවන ලදී. එමෙන්ම චෝදනා 04 ක් සඳහා එක් චෝදනාවකට රු. 5,000/- බැගින් රු. 20,000/-ක දඩ මුදලක් සහ 1954 අංක 11 දරණ අල්ලස් පනතේ 26 වන වගන්තිය ප්‍රකාරව රු. 5,000/- ක දණ්ඩනයක් ද ගරු විනිසුරුතුමන් විසින් නියම කරන ලදී.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් මෙම නඩුව සහකාර අධ්‍යක්ෂ (නීති) ඩයනා කොඩිතුවක්කු මෙනවිය විසින් මෙහෙයවන ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search