නවගත්තේගම ප්‍රදේශයේ සිවිල් පුද්ගලයෙකුට වසර දෙකක අත්හිටවූ සිරදඩුවම් හා දඩ නියම කිරීම

නවගත්තේගම ප්‍රදේශයේ රක්ෂිත වනාන්තරයක් තුළ නිදන් හාරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමෙන් වැලකී සිටීම සඳහා නවගත්තේගම පොලිස් ස්ථානයේ සේවය කරන ලද උප පොලිස් පරීක්‍ෂක පතිරණ මහතාට රු.200,000/- ක මුදලක් අල්ලස් වශයෙන් පිරිනැමීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පවරන ලද අධිචෝදනා පත්‍රයේ සඳහන් චෝදනාවට චූදිත වරද පිළිගනු ලැබූ අතර ඒ අනුව, ගරු මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මැතිතුමන් විසින් චූදිතට වසර 02 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් වසර 15 කට අත්හිටුවා රු. 5,000/- ක දඩ මුදලක් ද, එකී දඩ නොගෙවන්නේ නම් මාස 3 ක ලිහිල් සිර දඬුවමක් ද නියම කරන ලදී.

මිට අමතරව, සිවිල් පුද්ගලයෙකු වූ චූදිත විසින් පිරිනමන ලද රු. 200,000/- ක මුදල රාජසන්තක කිරීමට ද තවදුරටත් නියෝග කෙරුණි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් මෙම නඩුව සහකාර අධ්‍යක්ෂ ජනරාල් තුෂාරි දයාරත්න මහත්මිය විසින් මෙහෙයවන ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search