ශ්‍රී ලංකාවේ රේගුවේ නිශ්කාෂනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ වාහන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරගෙන යනු ලබන විමර්ශන කටයුතුවලට අදාළව HG – 5087 දරණ මෝටර් රථය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කිරීමේ දී ඉහත වාහනය අංකය යටතේ පළමුවෙන් ම ලොරි රථයක් ලියාපදිංචිව තිබී 2022.08.15 දින මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හම්බන්තොට කාර්යාලය මගින් ජීප් රථයක් සඳහා ලියාපදිංචි සහතිකයක් අනීතික ලෙස නිකුත් කර ඇත. එම ලියාපදිංචි සහතිකය අනුමත කිරීම සහ මුද්‍රණය කිරීම සිදු කළ බවට මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු සම්බන්ධයෙන් විමර්ශනය සිදු කරනු ලබයි.







