සිවිල් ගුවන් සේවා අධිකාරියේ ස්ථාපිත කර නොමැති තනතුරක් සඳහා නිලධාරියෙකු පත් කිරීමෙන් දූෂණයක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයෙකුට හා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුට එරෙහිව ලද පැමිණිල්ලකට අදාළව විමර්ශන කටයුතු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරන ලදී.
අදාළ විමර්ශන කටයුතු වලින් අනතුරුව නඩු අංක එච්සීබී 273/2024 යටතේ 2024.05.21 වන දින කොළඹ මහාධිකරණයේ නඩු පැවරීම් කටයුතු සිදු කරන ලදී.