හිටපු මුදල් ඇමතිට එරෙහි අල්ලස් නඩුව:ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අභියාචනාධිකරණ තීන්දුව නිෂ්ප්‍රභා කෙරෙයි

හිටපු මුදල් අමාත්‍යවරයෙක් වන රවී කරුණානායක මහතා විසින් ප්‍රාථමික වෙළඳ සමාගමක අධ්‍යක්ෂවරයෙක් වූ අර්ජුන් අලෝසියස් මහතා ගෙන් නිවාස සංකීර්ණයක නිවසක් ලබා ගැනීම සම්බන්ධයෙන් වූ අල්ලස් නඩුව සම්බන්ධයෙන් අභියාචනා කිරීම සඳහා වූ අවසරය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2024 මැයි 17 වන දින ලබා දෙන ලදි.

මහාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගයක් සම්බන්ධයෙන් අභියාචනා කිරීම සඳහා චූදිතට අයිතියක් නොමැති බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් මතුකල මූලික විරෝධතාවය නිෂ්ප්‍රභා කරමින් අභියාචනාධිරණය විසින් ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනය කිරීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම අවසර ඉල්ලීම ගොනු කරන ලදි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 170 වන වගන්තිය ප්‍රකාර ව, අමාත්‍යවරුන් “රජයේ නිලධරයා” යන්නට ඇතුලත් නොවන බැවින් අල්ලස් පනත ප්රකාර ව ඔහු “රජයේ නිලධරියෙක්” නොවන බවට චූදිත විසින් මහාධිකරණය හමුවේ විරෝධතා ගොනු කරනු ලැබීය. චූදිත අල්ලස් පනත යටතේ අධිචෝදනා ගොනු කරනු ලැබිය හැකි “රජයේ නිලධරියකු” බවට තීරණය කරමින් මහාධිකරණය විසින් මෙම විරෝධතාවය ප්රතික්ෂේප කරන ලදි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search