කොරියානු ජනරජ දූෂණ විරෝධී හා සිවිල් අයිතිවාසිකම් කොමිෂන් සභා නිලධාරීන් හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නිලධාරීන් අතර හමුවක්

දකුණු කොරියානු දූෂණ විරෝධී සහ සිවිල් අයිතිවාසිකම් කොමිසමේ උප සභාපති හා මහලේකම් චන් සෙන් යුං මහතා ප්‍රමුඛ දූත පිරිසක් 2024 මැයි මස 20 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණි අතර දූෂණය මැඩලීම සඳහා ආයතන ද්විත්වය අතර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් එහි දී සාකච්ඡා පවත්වන ලදි. ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති මියෝන් ලී මැතිණිය ද මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූ අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා සභාපති විනිසුරු නීල් ඉද්දවල මහතා, කොමසාරිස්වරුන් වන බර්නාඩ් රාජපක්ෂ මහතා හා චේතිය ගුණසේකර මහතා, අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා හා කොමිෂන් සභාවේ ඉහළ මට්ටමේ නිලධාරීන් පිරිසක් ද මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූහ.

2023 අංක 09 දරන නව දූෂණ විරෝධී පනතට සමගාමී ව සුපිලිපන්නතා ඇගයීමේ ක්‍රමවේදයක් දකුණු කොරියානු දූෂණ විරෝධී සහ සිවිල් අයිතිවාසිකම් කොමිසමේ විශේෂඥතා ඥානයත් එම තානාපති කාර්යාලයේ සහයත් ලබා ගනිමින් දියත් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හා එක්සත් ජාතීන් ගේ සංවර්ධන වැඩසටහන අපේක්ෂා කරයි.

රාජ්ය ආයනත මට්ටමින් ක්රියාත්මක කිරීමට යෝජිත මෙම සුපිලිපන්නතා ඇගයීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් පාර්ශවකරුවන් කිහිප දෙනෙකු සමග ද සාකච්ඡා පවත්වා ඇති අතර කොරියානු ධුත පිරිස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ජාතික විගණන කාර්යාලය හා එක්සත් ජාතීන් ගේ සංවර්ධන වැඩසටහන යන ආයතනයන් හී ද සංචාරයෙහි නිරත වූහ.

විශාල බලතල ප්රමාණයක් සහිත මෙම ආයතන ද්විත්වය අතර ඇති කර ගනු ලබන්නා වූ සහයෝගීතාවය දූෂණය පිටු දැකීමේ ගමනට සවියක් වනු ඇත.

0531 1

0531 1

0531 1

0531 1

0531 1

0531 1

0531 1

0531 1

0531 1

0531 1

0531 1

0531 1

0531 1

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search