අල්ලස් චෝදනා සඳහා වරදකරු වූ ලුණුගම්වෙහෙර පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙකුට එරෙහිව වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවම් සහ දඩ නියම කිරීම

රු. 10,000/- ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීම සම්බන්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් ලුණුගම්වෙහෙර පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙකුට සහ කොස්තාපල්වරයෙකුට එරෙහිව නඩු අංක එච්.සී.බී 2016/2014 මගින් ගොනු කළ නඩුවකට අදාළව, මෙහි දෙවන චූදිත වූ පොලිස් කොස්තාපල්වරයා විසින් වරද පිළිගැනීම මත 2024.05.27 වන දින කොළඹ මහාධිකරණ අංක 02 හි ගරු විනිසුරු අමල් රණරාජා මැතිතුමන් විසින් දඬුවම් නියම කරන ලදී. මෙම නඩු විභාගයවන අතර කාලයේදී පළමු චූදිත වූ පොලිස් සැරයන් මිය ගොස් ඇති අතර දෙවන චූදිතට එරෙහිව නඩුව පවත්වාගෙන යන ලදී.

ඒ අනුව, දෙවන චූදිත අධි චෝදනා පත්‍රයේ 5 සහ 6 චෝදනා සඳහා වරදකරු කරමින් වසර 02 බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කරන ලද අතර එම දඬුවම එකවර ගෙවී යන ලෙස නියම කර, එය වසර 5 කට අත්හිටුවන ලදි. තව ද, එක් චෝදනාවකට රු. 5000/- බැගින් රු. 10,000/- ක දඩයක් නියම කරන ලද අතර, එය නොගෙවන්නේ නම් මාස 06 ක ලිහිල් වැඩ සහිත සිර දඬුවම් නියම කරන ලදි. එසේම, අල්ලස් පනතේ 29 වන වගන්තිය යටතේ සිවිල් අයිතිවාසිකම් අත්හිටුවීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් වෙත දැනුම් දෙන ලෙස ද නියෝග කරන ලදී.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් මෙම නඩුව සහකාර අධ්‍යක්ෂ ජනරාල් අනුරාධා සිරිවර්ධන මහත්මිය විසින් මෙහෙයවන ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search