අල්ලස් චෝදනා සඳහා වරදකරු වූ ලිදුල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයෙකුට එරෙහිව සිර දඬුවම් හා දඩ නියම කිරීම

ඩයගම, ඩයගම බසාර් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ, බැංකුවට උකස් කළ ඉඩම හා පදිංචි නිවස වෙන්දේසියෙන් නතර කර ඒ සඳහා සහනයක් ලබාදීමට රු.10,000/- ක අල්ලස් මුදලක් අයැදීම හා භාර ගැනීම යන චෝදනාවන් දෙක යටතේ තලවකැලේ, ලිඳුල ආගරපතන ග්‍රාම නිලධාරිවරයෙකුට එරෙහිව අල්ලස් පනතේ 19 (ඇ) වගන්තිය යටතේ ගොණුකළ නඩුවකට අදාළව, 2024.05.06 කොළඹ මහාධිකරණ විනිසුරුතුමන් විසින් දඬුවම් නියම කරන ලදි.

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක SCLA 03 / 2015 දරණ නඩුවේ තීන්දුව ප්‍රකාරව මෙම නඩුව නැවත විභාගයට ගෙන ඇති නඩුවක් වන අතර, විත්තිකරුට එරෙහිව ඉහත චෝදනා යටතේ ම මීට ප්‍රථම මහාධිකරණය හමුවේ පවරා තිබූ නඩුවේ දී ද වරදකරු වූ විත්තිකරු, එයට එරෙහිව අභියාචනයක් කර තිබූ අතර, අවසානයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් විත්තිකරුට එරෙහිව මහාධිකරණයේ විභාග වූ ඉහත නඩුවේ පැවති තාක්ෂණික දෝෂයක් මත එම අල්ලස් නඩුව නැවත නඩු විභාගය සඳහා කොළඹ මහාධිකරණය වෙත යොමු කරන ලදී. ඉදිරිපත් වූ සාක්ෂි මත විත්තිකරුගේ ස්ථාවරය බැහැර කළ කොළඹ මහාධිකරණ අංක 6 හි ගරු මහාධිකරණ විනිසුරු, මංජුල තිලකරත්න මැතිතුමා අධි චෝදනා පත්‍රයේ වු චෝදනා දෙකටම විත්තිකරු වරදකරු කරන ලදී.

ඒ අනුව එක් චෝදනාවක් සඳහා මාස 18 බැගින් චෝදනා දෙකටම බරපතල වැඩ සහිත සිරදඬුවම් පැනවූ අතර, එම සිරදඬුවම් එකවර ගෙවී යන ලෙස නියම කරන ලදි. තවද, එක් චෝදනාවකට රු.5000/- බැගින් රු.10,000/- ක දඩයක් නියම වූ අතර, වැඩිමනත් වශයෙන් පැමිණිලිකරුට රු.10,000/- ක වන්දියක් ගෙවන ලෙස ද චූදිතට නියම කරන ලදී.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රුවිනි වික්‍රමසිංහ මහත්මිය විසින් පැමිණිල්ල මෙහෙයවන ලද අතර, විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ දුලින්ද වීරසූරිය මහතා පෙනී සිටින ලදි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search