ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරේ

2024.05.14 වන දින ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය (FIU) සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට යෙදුණි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් අධ්‍යක්‍ෂ ජනරාල් ඩබ්ලිව්. කේ. ඩී. විජේරත්න මහතා සහ ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය වෙනුවෙන් එහි අධ්‍යක්ෂිකා සුභාණි කීර්තිරත්න මහත්මිය විසින් මෙම ගිවිසුම අත්සන් කරන ලදී.

2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනතේ විධිවිධාන යටතේ මෙම සහයෝගීතාව ඇති කර ගැනීම සිදුවිණි. දෙපාර්ශ්වය අතර සහයෝගීතාව හා අනෝන්‍ය බැඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා අත්සන් කළ මෙම ගිවිසුමේ, මූලික අරමුණ වන්නේ විමර්ශනවලට අදාළ රහස්‍ය තොරතුරු, ආයතන ද්විත්වය අතර හුවමාරු කර ගැනීමයි.

WhatsApp Image 2024 05 18 at 07.51.11 98cfbdb2

WhatsApp Image 2024 05 18 at 07.51.11 98cfbdb2

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search