උක්ත කරුණට අදාළව, බොරැල්ල, කින්සි පාරේ, සුඛෝපභෝගී නිවෙසක් මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධව ඇතැම් මාධ්‍ය විසින් වාර්තා කිරීමේ දී මෙම සිද්ධියට අදාළ විමර්ශන හා නඩු පැවරීම් කටයුතු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් සිදු කළ බව සඳහන් කර ඇත.
නමුත්, මෙම නඩු කටයුත්ත සිදු කරන ලද්දේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නොවන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ප්‍රකාශ කරනු ලැබේ.