රුපියල් 30,000/= ක (තිස්දහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත්, ඇහැලියගොඩ ප්‍රදේශයේ දමිල මාධ්‍ය පාසලක විදුහල්පතිවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට

ඇහැලියගොඩ, ඇහැලියගොඩවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, ඇහැලියගොඩ ප්‍රදේශයේ දමිල මාධ්‍ය පාසලක අධ්‍යාපනය ලබන සිසුන් සඳහා රජයේ ප්‍රතිපත්තියක් මත ලබා දෙන උදෑසන ආහාරය 2024 මාර්තු හා අප්‍රේල් මස සඳහා ලබාදීම වෙනුවෙන් හා එම ටෙන්ඩරය දිගටම කරදරයකින් තොරව පවත්වාගෙන යාමට අවස්ථාව ලබාදීමටත්, ආහාර නිසි පරිදි ලබා දෙන බවට නිර්දේශ කර නියමිත මුදල් ටෙන්ඩර් හිමිකාරියට ලබා දීම වෙනුවෙන් මාස 02 සඳහා රු.50,000/-ක මුදලක් ඉල්ලා, එයින් පළමුව රු.20,000/- මුදලක් ලබාගෙන ඉතිරි රු.30,000/-ක මුදල අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත ඇහැලියගොඩ දමිල මාධ්‍ය පාසලක විදුහල්පතිවරයෙකු 2024.05.21 වන දින ප.ව 12.43ට පමණ අදාළ විද්‍යාලයේ, විදුහල්පති නිල කාමරය තුළ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු අවිස්සාවේල්ල අධිකරණය මගින් ජූනි මස 03 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search