හන්තාන පාර, මහනුවර ප්‍රදේශයේ පදිංචිකාරියක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකාරියගේ කැමැත්තෙන් තොරව, ඇය පදිංචි නිවසෙන් කාමර 02කට, ඇයගේ පුතාගේ නමට විදුලිය ලබාගැනීමට කටයුතු කිරීමේ දී විදුලි බලමණ්ඩලයට ග්‍රාම නිලධාරි විසින් ලබාදිය යුතු පදිංචි සහතිකය ලබා නොදී සිටීමට අවශ්‍ය රාජකාරී කටයුතු නොකර සිටීම සඳහා රුපියල් 25,000/=ක (විසිපන්දහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත ගඟවටකෝරළය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු ග්‍රාම නිලධාරීවරයෙකු 2024.06.25 වන දින ප.ව 12.19ට පමණ හිරැස්සගල ග්‍රාම නිලධාරී කාර්යාලය තුළ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
නවතම පුවත්
හඳුනා ගැනීම් හා වැටලීම්
රු. 20,000/- ක (රුපියල් විසිදහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් පොලිස් සැරයන්වරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
ජනවාරි 27 2025
රු. 250,000/- ක (දෙලක්ෂ පනස්දහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් කම්කරු නිලධාරියෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
ජනවාරි 24 2025