ත්‍රීවීල්රථ රියදුරෙකුගෙන් රථවාහන වරදක් සඳහා නීතිමය වශයෙන් කටයුතු නොකර සිටීමට රු. 500/- ක මුදලක් අල්ලස් වශයෙන් අයැද, භාර ගැනීමේ වරද සඳහා රථවාහන රාජකාරියේ නිරතවන ලද පොලිස් සැරයන්වරයෙකු වරදකරු කරන ලදි.
ත්‍රීවීල්රථ රියදුරෙකුගෙන් රථවාහන වරදක් සඳහා නීතිමය වශයෙන් කටයුතු නොකර සිටීමට රු. 500/- ක මුදලක් අල්ලස් වශයෙන් අයැද, භාර ගැනීමේ වරද සඳහා රථවාහන රාජකාරියේ නිරතවන ලද පොලිස් සැරයන්වරයෙකු වරදකරු කරන ලදි.
2012 වසර වන විට ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්වී තිබියදී, ඒ බව දැනදැනම ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමෙන් රජයට රු. 1,843,267,595/- ක පාඩුවක් සිදුකරමින් දූෂණයක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා විසින් සිදු කරන ලද පැමිණිල්ලට අදාළ විමර්ශන කටයුතු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරන ලදී.
නවගත්තේගම ප්‍රදේශයේ රක්ෂිත වනාන්තරයක් තුළ නිදන් හාරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමෙන් වැලකී සිටීම සඳහා නවගත්තේගම පොලිස් ස්ථානයේ සේවය කරන ලද උප පොලිස් පරීක්ෂක පතිරණ මහතාට රු.200,000/- ක මුදලක් අල්ලස් වශයෙන් පිරිනැමීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පවරන ලද අධිචෝදනා පත්‍රයේ සඳහන් චෝදනාවට චූදිත වරද පිළිගනු ලැබූ අතර ඒ අනුව, ගරු මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මැතිතුමන් විසින් චූදිතට වසර 02 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් වසර 15 කට අත්හිටුවා රු. 5,000/- ක දඩ මුදලක් ද, එකී දඩ නොගෙවන්නේ නම් මාස 3 ක ලිහිල් සිර දඬුවමක් ද නියම කරන ලදී.
රු. 5,000/- ක අල්ලස් ඉල්ලා, ලබාගැනීම සම්බන්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් කොළොන්නාව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයෙකුට එරෙහිව ගොනු කළ නඩුවකට අදාළව, චූදිත විසින් වරද පිළිගැනීම මත 2024.02.26 දින කොළඹ මහාධිකරණ විනිසුරුතුමන් විසින් දඩුවම් නියම කරන ලදී.
රු. 5,000/- ක මුදලක් අල්ලස් වශයෙන් පිරිනැමීම සම්බන්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් කුරුවිතැන්න ප්‍රදේශයේ සිවිල් පුදගලයෙකුට එරෙහිව නඩු අංක HCB 248/2023 මගින් ගොනු කළ නඩුවකට අදාළව, අදාළ චූදිත විසින් වරද පිළිගැනිම මත 2024.02.21 වන දින කොළඹ මහාධිකරණ අංක 02 හි ගරු විනිසුරු අමල් රණරාජා මැතිතුමා වීසින් දඩුවම් නියම කරන ලදී.
යගිරල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව රුපියල් 10,000/-ක අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධව ඉත්තෑපාන පොලිස් ස්ථානයේ සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරයෙක් එම පොලිස් ස්ථානය තුළ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් 2024.02.26 දින ප.ව. 3.40ට පමණ අත්අඩංගුවට ගන්නා ලදී.
1988 අංක 74 දරන පනතින් සංශෝධිත 1975 අංක 01 දරන වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ පනත මගින් දක්වා ඇති වත්කම් හා බැරකම් ප්‍රකාශ කළ යුතු නිලධාරී/පුද්ගල ඛාණ්ඩවලට අමතරව, 2023 අංක 09 දරන දූෂණ විරෝධි පනතේ 80 වන වගන්තිය මගින් තවත් නිලධාරී/පුද්ගල ඛාණ්ඩ ගණනාවක් විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවය දක්වා ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් 2023.11.10 වන දින සංවිධානය කරන ලද වැටලීමක දී රුපියල් ලක්ෂ 100ක මුදලක් අල්ලසක් ලෙස අයද, භාර ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගැනීම අභියෝගයට ලක් කරමින් එහි පළමු සැකකරුවන මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපතිවරයකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් 2024.02.20 දින විමසීම සඳහා අවසර ලබා නොදෙමින් මුල් අවස්ථාවේ දීම නිශ්ප්‍රභා කරන ලදී.
රු. 5,000/- ක අල්ලස් ඉල්ලා, ලබාගැනීම සම්බන්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් ලංකා විදුලි බල මණ්ඩලයේ කාර්යාල කාර්ය සහායකවරයෙකුට එරෙහිව නඩු අංක HCB 66/2020 මගින් ගොනු කළ නඩුවකට අදාළව, අදාළ චූදිත විසින් වරද පිළිගැනිම මත 2024.02.19 වන දින කොළඹ මහාධිකරණ අංක 02 හි ගරු විනිසුරු අමල් රණරාජා මැතිතුමා වීසින් දඩුවම් නියම කරන ලදී.
ලබුකැලේ ප්‍රදේශයේ රියදුරු/ බස් රථ ව්‍යාපාරිකයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව, රු.30,000/- ක අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධව මධ්‍යම පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ, නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙක් එම කාර්යාලයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් 2024.02.20 වන දින පෙ.ව. 10.10 ට පමණ අත්අඩංගුවට ගන්නා ලදී.
2019 වර්ෂයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් සිදුකළ වැටලීමක් මත, කොමිෂන් සභාව විසින් ගොනුකළ HCB 178/2022ි දරණ නඩුවේ දී වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ධාවන කළමණාකරුවෙකු අදාළ සියලුම චෝදනා සඳහා වරද පිළිගැනීම මත, කොළඹ මහාධිකරණ අංක 2හි ගරු විනිසුරු අමල් රණරාජා මැතිතුමා විසින් 2024.02.07 වන දින දඬුවම් නියම කරන ලදී.
ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාෂනය නොවූ මෝටර් රථ ඇතුළු වාහන 400කට ආසන්න ප්‍රමාණයක් ව්‍යාජ ක්‍රම මගින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමේ තොරතුරු අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව වෙත ලැබීමෙන් පසු ඉන් වාහන 156ක් පිළිබඳව නිශ්චිත තොරතුරු කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අනාවරණය කරගන්නා ලදී.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
A 36, මලලසේකර මාවත,
කොළඹ 07, ශ්‍රී ලංකාව.
T+94 112 596360 / 1954
M+94 767011954