අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, එම කොමිසමේ ධූර දරන නිලධරයෙක් හෝ සේවකයෙක් නොවන බවටත්, අන්තර්කාලීන විධිවිධාන ඔහුට අදාළ නොවන බවටත් වූ මූලික විරෝධතාවය පිළිගනිමින්, ග්‍රීක බැඳුම්කර නඩුවෙන් එවකට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ තවත් හතරදෙනෙකු කොළඹ මහ

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබිය දී, ග්‍රීක රජයේ බැඳුම්කර ආයෝජනයක් සිදුකිරීම තුළින් රජයට රු.1,843,267 ,595/- ක පාඩුවක් සිදුකිරීම හේතු කොටගෙන එවකට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ තවත් හතරදෙනෙකු චූදිතයන් කරමින් අල්ලස් කොමිසම විසින් 2024-03-26 දින අධිචෝදනා ගොනුකර තිබුණි.

එම නඩුවේ අධිචෝදනාපත්‍ර භාර දීම සඳහා 2024-05-03 වන දින අධිකරණයේ දී කැඳවූ අවස්ථාවේ දී චූදිතයන් වෙනුවෙන් මූලික වශයෙන් විරෝධතාවයක් ගනු ලැබුවේ, මෙම අධිචෝදනාපත්‍රය අත්සන් කල දින වන විට නව දුෂණ විරෝධී පනත යටතේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත්කර නොතිබූ බවයි. තවද, නව පනත ක්‍රියාත්මක වීම ආරම්භ වූ 2023-09-15 දිනට පෙර කටයුතු කල අධ්‍යක්ෂ ජනරාල්වරයාට ස්වකීය තත්ත්වයෙන් අඛණ්ඩව ක්‍රියාකිරීමට ප්‍රතිපාදන නොමැති බවත් ය.

ඉහත මූලික විරෝධතාවයට එරෙහිව අල්ලස් කොමිසමේ ස්ථාවරය වූයේ, නව දූෂණ විරෝධී පනතේ 163 (ඌ) වගන්තිය ප්‍රකාරව 1994 අංක 19 දරන කොමිෂන් සභා පනත යටතේ පිහිටුවනු ලැබූ කොමිෂන් සභාවේ ධුර දරන අධ්‍යක්ෂ ජනරාල්වරයා, නව පනත ක්‍රියාත්මක වීම ආරම්භවන දින සිට බලාත්මක වන පරිදි කොමිෂන් සභාවේ නිලධරයෙක් ලෙස සලකනු ලැබිය යුතු බවටත්, එබැවින් අඛණ්ඩව ක්‍රියාකිරීමට ප්‍රතිපාදන සලසා ඇති බවටත් ය.

තවද, පනතේ ප්‍රකාශිතවම දැක්වෙන පරිදි, අධ්‍යක්ෂ ජනරාල්වරයා, එම කොමිසමේ ප්‍රධාන විධායක නිලධරයා, ප්‍රධාන ගිණුම් නිලධරයා සහ පනතේ පරමාර්ථ සාක්ෂාත් කරගැනීම සඳහා අවශ්‍ය වෙනත් සියලු කාර්ය සහ කර්තව්‍ය කිරීම සිදුකල යුතු නිලධරයා වන බවට අල්ලස් කොමිසමේ ස්ථාවරය විය. එබැවින් අධ්‍යක්ෂ ජනරාල් ධුරය 2023-09-15 දින සිට 2024-04-02 දින නව අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්වන තෙක් හිස්ව පැවතිය යුතු බවට දුෂණ විරෝධී පනත පැනවීමේ දී ව්‍යවස්ථාදායකය කිසිසේත් ම අදහස් නොකළ බව අල්ලස් කොමිෂන් සභාව වෙනුවෙන් කරුණු සැලකර සිටින ලදී.

දෙපාර්ශවයේ ම කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, එකී විත්තියේ මුලික විරෝධතාවය පිළිගනිමින්, ගරු මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මැතිතුමා විසින් මෙම නඩුවේ සියළුම චූදිතයන් නිදහස් කිරීමට 2024.05.31 වන දින නියෝග කරන ලද අතර, මෙම නියෝගය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අධ්‍යනය කිරීමෙන් අනතුරුව, ඉදිරි පියවර ගැනීම සඳහා නියමිතයි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search