රුපියල් 200,000 /= ක (ලක්ෂ දෙකක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත්, ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවරයකු සහ කම්කරුවකු (රියදුරු වශයෙන් කටයුතු කරනු ලබයි) අල්ලස් චෝදනා මත අත්අඩංගුවට

අක්කරපත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, කණින ලද වැලි හා පස් වාරිමාර්ග කාර්යාලයට අයත් කලපු හා කුඹුරු ඉඩම්වලට බෑම නීති විරෝධී බවට පවසා, ඒ සඳහා ප්‍රදේශයේ ඇති වෙනත් රජයේ ආයතන වල ද සහාය ලබාගෙන නීති මගින් කටයුතු නොකර සිටීමට අල්ලස් වශයෙන් මුලින් රුපියල් ලක්ෂ 04ක මුදලක් ඉල්ලා, එම මුදල රුපියල් ලක්ෂ 02ක් දක්වා අඩුකර ඉල්ලා, එකී රුපියල් ලක්ෂ 02ක මුදලක් රියදුරු මාර්ගයෙන් ලබා ගැනීම මත ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවකු අක්කරපත්තුව වාරිමාර්ග කාර්යාලයේ දී 2024.06.12 වන දින ප.ව 5.50ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

එමෙන් ම, අදාළ අල්ලස් මුදල් භාරයට ගැනීමෙන් පළමු සැකකරුට ආධාර අනුබල ලබා දීම මත, එම කාර්යාලයේ කම්කරුවකු (රියදුරු වශයෙන් කටයුතු කරනු ලබයි) එදින ම, ප.ව.5.35ට පමණ නිවස ඉදිරිපිට දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search