වාහන අවභාවිතා චෝදනා සම්බන්ධව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශන කටයුතු ආරම්භ කිරීම

දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටිය දී එම අමාත්‍යංශය මගින් නිකුත් කොට තිබූ නිල රථ 02ක් අමාත්‍ය ධූරය අහිමිවීමෙන් පසුව ද ආපසු භාර නොදී අවභාවිතා කරන බවට සිවිල් පුරවැසියෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භකර ඇත.

අල්ලස් කොමිෂන් සභාව සිදු කළ විමර්ශනයේ දී හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත 2022 මැයි මස සිට සෞඛ්‍ය අමාත්‍ය ධූරය දරණ අවදියේ එම අමාත්‍යංශය මගින් අමාත්‍යවරයාට හා කාර්ය මණ්ඩලය වෙත ලබා දී තිබූ වාහන කිහිපයක් ම 2023.10.23 දින සිට පරිසර අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසුව රැගෙන ගොස් එම අමාත්‍යංශය යටතේ භාවිතා කර ඇති බවත්, පසුව සෞඛ්‍ය අමාත්‍යංශය මගින් දිගින් දිගට සිදු කර ඇති දැණුම් දීම් වලින් අනතුරුව අමාත්‍යවරයාට නිල රථ ලෙස නිකුත් කොට තිබූ මර්සිඩීස් බෙන්ස් කාර් රථය සහ ලෑන්ඩ්කෘෂර් V -8 ජීප් රථය හැර කාර්ය මණ්ඩලය වෙත නිකුත් කර තිබූ අනෙකුත් රථ ආපසු භාර දී ඇතත්, 2024 පෙබරවාරි 03 දින සිට ඒ මහතා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබුණ ද ඉහත නිල රථ 02 ආපසු භාර දී නොමැති බවට අනාවරණය වී තිබිණ.

ඒ අනුව, එම නිල රථ දෙක මෙතෙක් භාරනොගැනීමට හේතුව සහ එහි වත්මන් භාරකාරිත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් හා පරිසර අමාත්‍යංශ ලේකම්වරුන් මගින් 2024.05.22 දිනැතිව කරුණු විමසමින් විමර්ශන කටයුතු සිදු වෙමින් පැවතිය දී, ඉහත නිල රථ 02 දැනට බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ලේකම්වරියක මාර්ගයෙන් 2024.05.24 දින සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රවාහන අංශය වෙත භාර දී ඒ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුද්ගලික ලේකම්වරියක විසින් ද සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වෙත ලිඛිතව 2024.05.25 දිනැතිව දැනුම් දී ඇති බවට ද අනාවරණය විය.

ඒ අනුව, මේ වන විට ඉහත නිකුත් කොට තිබූ නිල රථ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් භාරයේ ඇති අතර, එම නිල රථ අවභාවිතයක් සිදුව තිබේ ද යන්න පිළිබඳ තවදුරටත් විමර්ශනය කටයුතු සිදු වෙමින් පවතී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search