ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාෂනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ වාහන පිළිබඳ විමර්ශන කටයුතු කාර්යක්‍ෂම කිරීම

ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාෂනය නොවූ වාහන, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරමින් රජයට ලැබිය යුතු වූ බදු ආදායම් ලැබීමේ අවස්ථාව අහිමි කරමින්, සිදු කරගෙන ගිය අනීතික ක්‍රියාවලියක් පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මේ වන විට විමර්ශන සිදු කරගෙන යමින් පවතී.

ඒ අනුව, එහි ඉදිරි විමර්ශන කටයුතුවලට අදාළව, ශ්‍රී ලංකා රේගුවේ මොටර් රථ ආනයනයට අදාළ, දත්ත පද්ධතියේ දත්ත උපස්ථය (Data Backup) ලබා ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අධිකරණට කරන ලද කරුණු දැක්වීම සලකා බලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්තුමන් විසින් අද දින අදාළ දත්ත පද්ධතියේ, දත්ත උපස්ථය ලබාගැනීමට කොමිෂන් සභාවේ නිලධාරීන්ට සහය දක්වන ලෙසට ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමන්ට නියෝග කරන ලදි.

ඒ අනුව, අදාළ තොරතුරු භාවිතා කරමින් මෙම විමර්ශන කටයුතු සාර්ථක අයුරින් සිදු කිරිමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව බලාපොරොත්තු වේ.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search