ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාෂනය නොවී ව්‍යාජ ක්‍රම මගින් ලියාපදිංචි වූ සුඛෝපභෝගී වාහන 6ක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා භාරයට ගැනේ

ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාෂනය නොවූ මෝටර් රථ ඇතුළු වාහන 400කට ආසන්න ප්‍රමාණයක් අනීතික ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ඇතුළත් කොට ලියාපදිංචි කර ඇති බවට ලැබුණු තොරතුරු මත, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, එම වාහන අතරින් වාහන 168ක පැවරීම් කටයුතු අත්හිටුවීම සඳහා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් වෙත ගරු අධිකරණයෙන් නියෝග ලබා දී ඇත.

එලෙස නියෝග ලබා දුන් වාහන 168 අතරින් වාහන හයක් (06), 2024.06.05 දින සහ 2024.06.06 දිනයන්හි දී අදාළ වාහනවල වර්තමාන හිමිකරුවන්ගේ භාරයෙන් කොමිෂන් සභා භාරයට ගන්නා ලදී. (මෙම වාහනවලට අදාළ ඡායාරූප කොමිෂන් සභා නිල වෙබ් අඩවියේ දක්වා ඇත. https://sinhala.ciaboc.gov.lk/media-centre/latest-news/1122-2024-06-08-06-11-33)

මෙම වාහන 6න් රජයට කෝටි 10කට ආසන්න පාඩුවක් සිදුව ඇති අතර, වරදකරුවන්ට එරෙහිව විමර්ශන කඩිනමින් අවසන් කර, වරදකරුවන්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කොමිෂන් සභාව කටයුතු කරමින් සිටී.

 DSC 2305DSC 2307DSC 2330DSC 2331DSC 2340DSC 2352DSC 2353DSC 2355DSC 2356DSC 2357

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search