කුරුණෑගල පොලිස් ස්ථානයේ දූෂණ මර්ධන අංශයේ උප පොලිස් කොස්තාපල්වරයෙකුට අත්හිටු වූ සිර දඬුවම්.
කුරුණෑගල පොලිස් ස්ථානයේ දූෂණ මර්ධන අංශයේ උප පොලිස් කොස්තාපල්වරයෙකුට අත්හිටු වූ සිර දඬුවම්.
මුලින් ඉදිරිපත් කර නිසි ආකාරයට අනුමැතිය ලබා නොගත් ගොඩනැගිලි සැලසුම වෙනුවෙන් නියම කරන ලද දඩය නොගෙවා සිටීමටත් නව ගොඩනැගිලි සැලසුමක් ඉදිරිපත් කිරීමත් යන කරුණු සඳහා පැමිණිලිකරුගෙන් රු.150,000.00 ක සන්තෝසමක් ලබා ගනිමින් සිටියදී 2016 අගෝස්තු 16 දින සාර්ථක වැටලීමක් තුළින් ඉහත සඳහන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වැටලීම් අංශයේ විමර්ශන නිළධාරීන්ට හැකිවිය.
පුත්තලම දිස්ත්රික් මහේස්ත්රාත් අධිකරණයේ ගොනු කර තිබූ නඩත්තු නඩුවක ප්රතිඵලයක් ලෙස ගෙවිය යුතු නඩත්තු මුදල අඩුකරලීම සඳහා පැමිණිලිකරුගෙන් රු.4500/- ක සන්තෝසමක් ලබාගනිමින් සිටි පුත්තලම දිස්ත්රික් මහේස්ත්රාත් උසාවියේ කළමණාකරන සහකාරවරයෙකු 2016 ජූලි 15 දින සිදුකළ සාර්ථක වැටලීමක් තුළින් අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වැටලීම් අංශයේ විමර්ශන නිළධාරීන්ට හැකිවිය.
ඇය විසින් නව පාසලේ විදුහල්පතිවරයා වෙත භාරදීමට නියමිතව ඇති කාර්යාලීය ලිපි වලට අත්සන් තැබීම සඳහා පැමිණිලිකාරියගෙන් (වෙනත් පාසලකට ස්ථාන මාරු ලැබූ අදාල පාසලේ නර්තන ගුරුවරිය) රු.2750 ක තුටු පඩුරක් ලබා ගනිමින් සිටියදී 2016 ජූලි 15 දින සැකකරු අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වැටලීම් අංශයේ විමර්ශන නිළධාරීන්ට හැකිවිය.
කේරල ගංජා ලඟ තබා ගැනීමේ වරදට පැමිණිලිකරු අත්අඩංගුවට ගැනීමෙන් වැළකීම සඳහා ඔහුගෙන් රු.5000/- සන්තෝසමක් ලබා ගනිමින් සිටිය දී 2016 ජූලි 05 දින අදාල පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වැටලීම් අංශයේ විමර්ශන නිළධාරීන්ට හැකිවිය.
වැලි හා ගල් එකතු කිරීමට පැමිණිලිකරුහට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිතයකට ඇතුළුවීමට ඉඩදීම සඳහා ඔහුගෙන් රු.50,000ක සන්තෝෂමක් ලබාගනිමින් සිටි ඉහත සැකකරුවන් 2016 ජූලි 14 දින සිදුකල සාර්ථක වැටලීමක් තුළින් අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වැටලීම් අංශයේ විමර්ශන නිළධාරීන්ට හැකිවිය.
පැමිණිලිකරු වෙත නිර්දේශ ලිපියක් නිකුත් කිරීම සඳහා රු.15,000/- තුටු පඩුරක් ලබා ගනිමින් සිටි මනම්පිටිය අඩවි වන කාර්යාලයේ බීට්ටු වන නිළධාරියෙකු 2016 ජුනි 22 දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අත්අඩංගුවට පත්විය.
නව රියදුරු බලපත්රයක් ලබා දීම සඳහා රු.7500 ක තුටු පඩුරක් ලබා ගනිමින් සිටි මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර ශාඛාවේ කාර්යාල කාර්ය සහායකවරයෙක් 2016 ජුනි 21 දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අත්අඩංගුවට පත්විය.
අධිකරණය හමුවේ පැමිණිලිකරුට පක්ෂව සාක්ෂි ලබා දීම සඳහා රු.100,000 ක මුදලක් ඉල්ලා එයින් රු.25,000 ක මුදලක් ලබාගනිමින් සිටියදී ගල්කිස්ස පොලිස් ස්ථානයේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථාන භාර පොලිස් පරීක්ෂකවරයා 2016 ජුනි 20 දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අත්අඩංගුවට පත්විය.
තක්සේරුවක් ලබාදීම සඳහා රු.10,000 ක තුටු පඩුරක් ලබා ගනිමින් සිටි ජේෂ්ඨ තක්සේරුකරුවෙකු 2016 ජූනි 02 දින අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අත්අඩංගුවට පත්විය.
නිර්දේශ කිරීමේ ලිපියක් ලබාදීම සඳහා රු.15000 ක තුටු පඩුරක් ලබා ගනිමින් සිටියදී උඩු නුවර, ප්රාදේශීය ලේකම් කාර්යාලයට අයත් අංක 103 මාවී කුඹුර උතුර ග්රාම නිළධාරී කොට්ඨාශයේ ග්රාම නිළධාරීවරයා 2016 මැයි 31 දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අත්අඩංගුවට පත්විය.
පැමිණිලිකරු වෙනුවෙන් මාර්ග සංවර්ධන කොන්ත්රාත්තුවකට ගෙවීම් බිල්පතක් සකස් කිරීම සඳහා රු.75000 ක සන්තෝසමක් ලබාගනිමින් සිටි දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ තවලම ප්රාදේශීය ඉංජිනේරු කාර්යාලයේ තාක්ෂණ නිළධාරීවරයෙකු 2016 මැයි 26 දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අත්අඩංගුවට පත්විය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
A 36, මලලසේකර මාවත,
කොළඹ 07, ශ්රී ලංකාව.
T+94 112 596360 / 1954