ගොවිජන සංවර්ධන නිලධාරියෙකුට හා රාජ්‍ය කළමනාකරණ සහකාර වරයෙකුට වසර 5ක බරපතල වැඩ සහිත සිර දඬුවම්.
ගොවිජන සංවර්ධන නිලධාරියෙකුට හා රාජ්‍ය කළමනාකරණ සහකාර වරයෙකුට වසර 5ක බරපතල වැඩ සහිත සිර දඬුවම්.
2017.10.12 දින දිස්ත්‍රික් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයක් වෙත ලැබී ඇති කුඩා ලොරි රථයක අංක තහඩු ලබා දීමට අවශ්‍ය කටයුතු කර දීම සදහා එම කාර්යාලයේ කාර්යාල කාර්ය සහායක වරියක විසින් රු.1000/= ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගන්නා අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
2017.10.11 දින පැමිණිලිකරු විසින් මඩුල්ල ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලයට අයත් මාර්ගයක් සංවර්ධනය කිරීම සදහා එකී ප්‍රදේශයේ ගොවි සංවිධානය හරහා ලබා ගත් කොන්ත්‍රාත්තුවේ වැඩ නිමා කර කොන්ත්‍රාත් මුදල ලබා ගැනීමට බිල්පත් සකස්කර කොන්ත්‍රාත් මුදල ලබා දීමට අවශ්‍ය නිර්දේශය ලබා දීම වෙනුවෙන් කොන්ත්‍රාත්තුවේ ඇස්තමේන්තු මුදලින් 3% වශයෙන් රු.15,000/= ද බිල්පත් සකස් කිරීමේ ගාස්තු වශයෙන් රු.3000/= ක් ඇතුළුව රු.18,000/= ක මුදලක් එම කාර්යාලයේ කාර්මික නිලධාරියා විසින් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගන්නා අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
2017.10.04 දින යතුරු පැදියක ලියාපදිංචි පොතේ පිටපතක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මගින් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරවා දීමට තැරුව්කරුවකු වන පළමු සැකකරු විසින් රු.2000/= ක මුදල අල්ලස් වශයෙන් අයැද භාර ගැනීම සහ පිටස්තර පුද්ගලයකු වන දෙවන සැකකරු විසින් එකී කටයුතු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලවා කරවා දෙන ලෙසට එම රු.2000/= ක මුදල අල්ලස් වශයෙන් පිරිනමන අවස්ථාවේදී එම අයවළුන් දෙදෙනා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
දුම්රිය මාර්ග පරීක්ෂක වරයෙකුට වසර 5 බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවම්.
2017.09.22 දින නීති විරෝධී ගංජා ව්‍යාපාරය සදහා පැමිණිලිකරු අත් අඩංගුවට නොගෙන නීති මගින් කටයුතු නොකිරීමටත් ඉදිරියේදී ව්‍යාපාර කටයුතු කරගෙන යාමට සහය ලබාදීමටත් රු.50.000/= ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඉන් රු.20,000/= ක් මීට පෙර ලබාගෙන ඉතිරි රු.30,000/= ක මුදල අල්ලස් ලෙස අයදීමේදී සුරාබදු නියාමකවරයකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
2017.09.12 දින පැමිණිලිකරුගේ ආබාධිත දියණිය මාතර දිස්ත්‍රික්කයේ මහා විද්‍යාලයක 03 වන ශ්‍රේණියට ඇතුළත් කර ගැනීමට යාමේදී එකී විදුහලේ විදුහල්පතිවරයා විසින් රු.10.000/= ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එම මුදල එම ප්‍රදේශයේ හාඩ්වෙයාර් වෙළදසැල් හිමිකරුවකු මගින් ලබා ගැනීමේදි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
1 හා 2 චූදිත - වගඋත්තරකරුවන්- මහාධිකරණ විනිසුරු විසින් ලබාදී තිබූ තීන්දුව නිශ්ප්‍රභා කළ අභියාචනාධිකරණය, නඩුව තවදුරටත් ඉදිරියට ගෙනයන ලෙස මහාධිකරණ විනිසුරු වෙත නියම කරන ලදී.
2017.08.23 දින පැමිණිලිකරු විසින් බලපත්‍ර සහිතව පවත්වාගෙන යනු ලබන දැව වෙළද සැල පරික්ෂා නොකර එහි අඩුපාඩු වෙනුවෙන් නීති මගින් කටයුතු නොකර සිටීමට අල්ලස් වශයෙන් මාසිකව රු.5000/= බැගින් ඉල්ලා අගෝස්තු මාසය සදහා වූ රු.5000/= ක මුදල අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගන්නා ලද බීට්ටු වන නිලධාරියකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
2017.08.16 දින පැමිණිලිකරුගේ දකුණු පළාතේ පිහිටි ඉඩමක පිඹුරු සැලැස්මට අදාල ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්ගේ සහය ඇතිව අනුමත කරවා දීම සදහා රු.100,000/= ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගන්නා අවස්ථාවේ එම ප්‍රාදේශිය සභාවේ හිටපු විපක්ෂ නායක/හිටපු සභාපති අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
A 36, මලලසේකර මාවත,
කොළඹ 07, ශ්‍රී ලංකාව.
T+94 112 596360 / 1954
M+94 767011954