මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට අදාලව තැන්පත් කර තිබූ රු.50,000/-ක ඇප මුදලක් යලි ලබා දීමට එම අධිකරණයේ ගිණුම් සහකාර ලෙස සේවය කළ සංවර්ධන නිලධාරීවරයෙකු විසින් රු.5,000/- ක මුදලක් අල්ලස් වශයෙන් අයැද ඉන් රු.4000/- ක මුදලක් ලබා ගන්නා අවස්ථාවේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.




අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම යටතේ වන දැනුවත් කිරීමේ වැඩසටහනක් සැප්තැම්බර් 17 වන දින මහනුවර ප්‍රධාන ලේකම් කාර්යාලයේදී මධ්‍යම පලාත් අධ්‍යාපන නිලධාරින් වෙනුවෙන් සාර්ථකව පවත්වන ලදී. මේ සදහා අධ්‍යාපන අධ්යක්ෂවරු, විදුහල්පතිවරු හා රාජ්‍ය නිලධාරින් 320ක පමණ පිරිසක් සම්බන්ධ විය. මෙය පවත්වන ලද්දේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්යක්ෂ (නීති) - ඩී.අයි. රාජපක්ෂ මිය, ප්‍රධාන පොලිස් පරික්ෂක සුමේන්ද්‍ර මහතා හා බලය ලත් විමර්ශන නිලධාරි හර්ෂ මදුශංක විසිනි. මධ්‍යම පලාතේ ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් සුනේත්‍රා ජයසිංහ මහත්මිය විසින් මෙම අවස්ථාවට සහභාගීවූවන් අමතන ලදී.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ හා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ සහාය ඇතිව සංවිධානය කළ පුහුණුකරුවන් සදහා වන නේවාසික පුහුණු වැඩසටහන අගෝස්තු 23-25 දිනයන්හිදී මීගමුව හෙරිටන්ස් හෝටලයේදී පැවැත්විණි.


