1 හා 2 චූදිත - වගඋත්තරකරුවන්- මහාධිකරණ විනිසුරු විසින් ලබාදී තිබූ තීන්දුව නිශ්ප්‍රභා කළ අභියාචනාධිකරණය, නඩුව තවදුරටත් ඉදිරියට ගෙනයන ලෙස මහාධිකරණ විනිසුරු වෙත නියම කරන ලදී.
1 හා 2 චූදිත - වගඋත්තරකරුවන්- මහාධිකරණ විනිසුරු විසින් ලබාදී තිබූ තීන්දුව නිශ්ප්‍රභා කළ අභියාචනාධිකරණය, නඩුව තවදුරටත් ඉදිරියට ගෙනයන ලෙස මහාධිකරණ විනිසුරු වෙත නියම කරන ලදී.
2017.08.23 දින පැමිණිලිකරු විසින් බලපත්‍ර සහිතව පවත්වාගෙන යනු ලබන දැව වෙළද සැල පරික්ෂා නොකර එහි අඩුපාඩු වෙනුවෙන් නීති මගින් කටයුතු නොකර සිටීමට අල්ලස් වශයෙන් මාසිකව රු.5000/= බැගින් ඉල්ලා අගෝස්තු මාසය සදහා වූ රු.5000/= ක මුදල අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගන්නා ලද බීට්ටු වන නිලධාරියකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
2017.08.16 දින පැමිණිලිකරුගේ දකුණු පළාතේ පිහිටි ඉඩමක පිඹුරු සැලැස්මට අදාල ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්ගේ සහය ඇතිව අනුමත කරවා දීම සදහා රු.100,000/= ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගන්නා අවස්ථාවේ එම ප්‍රාදේශිය සභාවේ හිටපු විපක්ෂ නායක/හිටපු සභාපති අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
2017.08.02 දින බලපත්‍රයක් නොමැතිව ඇහැටු ගසක් කැපීම සම්බන්ධයෙන් පොලිස් භාරයට ගන්නා ලද ගස් කපන යන්ත්‍රය ආපසු ලබා දීමට සහ ඒ සම්බන්ධයෙන් නීති මගින් කටයුතු නොකර සිටීමට ද ඉදිරියේදී තවත් බුරුත ගසක් ඉරා ගැනීමට ඉඩ සලසා දීම වෙනුවෙන් රු. 10,000/= ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගත් පොලිස් සැරයන් වරයකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
2017.08.01 දින ත්‍රීරෝද රථයක් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් කණුවක ගැටී සිදු වූ අනතුර සම්බන්ධයෙන් නඩු නොදමා සිටීමට රු.6000/=ක මුදලක් ඉල්ලා එම මුදල ලබා දෙන තෙක් පැමිණිලිකරුගේ රියදුරු බලපත්‍රය සහ ත්‍රීරෝද රථය පැදවූ රියදුරාගේ ජාතික හැඳුනුම්පත ඇපයට තබාගෙන එම මුදල අල්ලස් නිලධාරීන් ඉදිරිපිටදී ඉල්ලීමේ චෝදනාව මත පොලිස් කොස්තාපල්වරයකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
2017.07.31 දින පැමිණිලිකරු කරගෙන යනු ලබන නීති විරෝධී මත්පැන් විකිණීම සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බව දන්වා ඒ සඳහා නීති මගින් ක්‍රියා නොකිරීමටත් තවදුරටත් එම කාර්ය කරගෙන යාම සඳහා ඉඩ සලසා දීමට මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයට අනුයුක්ත යුධ හමුදා සෙබළකු විසින් රු.6000/- ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගන්නා අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
2017.07.17 දින ඡන්දහිමි නාමලේඛනයට පැමිණිලිකරුගේ සහ ඔහුගේ බිරිඳගේ නම ඇතුළත් කිරීමට අවශ්‍ය කටයුතු කර දීම සඳහා කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ග්‍රාම නිලධාරීවරයෙකු රු.3000/- ක අල්ලස් මුදලක් ඉල්ලා ලබා ගන්නා අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
2017.07.11 දින පැමිණිලිකරුට විරුද්ධව පොලිස් විශේෂ අපරාධ විමර්ශන අංශයට මුදල් වංචාවක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇති බවත්, ඒ සම්බන්ධව පැමිණිලිකරුට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේදී ඇප ලබා දීමට විරුද්ධ නොවී සිටීමට අල්ලස් වශයෙන් රු.10,000/- ක මුදලක් එකී අංශයේ පොලිස් සැරයන්වරයෙකු විසින් ඉල්ලා ලබා ගන්නා අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
A 36, මලලසේකර මාවත,
කොළඹ 07, ශ්‍රී ලංකාව.
T+94 112 596360 / 1954
M+94 767011954