මහවැලි අධිකාරියේ, ගල්කිරියාගම කාර්යාලයේ, ඒකක කළමනාකරුවකු ලෙස සේවය කළ ඒ.එම් උපාලි දිසානායක යන අය හට, කොළඹ මහාධිකරණ විනිසුරු විසින් බරපතල වැඩ සහිත වසර 5ක සිර දඩුවම්, රු 10,000 /- ක දඩ සහ රුපියල් ලක්ෂ 2 ක වන්දි මුදලක් ගෙවිමට නියම කරන ලදි.
මහාධිකරණ විනිසුරුතුමා විසින් එසේ නියම කරන ලද්දේ, මෙම නඩුවේ පැමිනිලිකරුගෙන් රු 5000 /- ක මුදලක් අල්ලස් ලෙස අයදීම සහ භාර ගැනීම වෙනුවෙනි.