අල්ලස් කොමිසම වත්කම් හා බැරකම් නීතිය සංශෝධනයට සැරසේ

IMG 38621975 අංක 1 දරණ වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ නීතිය සංශෝධනය කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සංවිධානය කරන ලද තෙදින වටමේස සාකච්ඡාවක් 2018 මාර්තු මස 14,15 සහ 16 යන දින වලදී මෙම කොමිෂන් සභා පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම සමුළුව සඳහා රජයට අයත් ආයතන වල ජ්‍යේෂ්ඨ නිළධාරීන් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් සහභාගී විය.

මෙහිදී දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය වැනි ජාත්‍යන්තර ප්‍රතිපත්තීන් මෙන්ම ආදායම් හා වත්කම් අනාවරණය කිරීම පිලිබඳ ප්‍රශස්ත විශ්වීය භාවිතාවන්හි විධිවිධාන පිළිබඳව සාකච්ඡාවට බඳුන් විය. දේශීය නීතියෙහි සිදුකල යුතු සංශෝධන පිළිබඳ යෝජනා සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. මෙම වැඩසටහන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, සොරාගත් වත්කම් අයකරගැනීමේ ක්‍රමෝපායන් හා ලෝක බැංකුව එක්ව සිදුකරන ලද සාමූහික කර්තව්‍යයකි.       

IMG 3864

IMG 3864

IMG 3864

IMG 3864

IMG 3864

IMG 3864

IMG 3864

 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search