වත්කම් හා බැරකම් නීතියට නව මුහුණුවරක්

IMG 3765සිය දූෂණය මැඩලීමේ ක්‍රියාවලියේ තවත් පියවරක් ඉදිරියට තබමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සංවිධානය කර තිබූ දෙදින වැඩමුළුව 2018 මාර්තු 12 හා 13 යන දිනයන්හිදී කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි.

රාජ්‍ය අංශයේ අවංකභාවය පුළුල් කිරීමේ ක්‍රමෝපායක් ලෙස “වත්කම් ප්‍රකාශ කිරීම හා බැඳියාවන් අතර ගැටුම” යන තේමාව පදනම් කරගනිමින් පැවති මෙම වැඩමුළුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ වන එක්සත් ජාතීන්ගේ කාර්යාලය, සොරකම් කරන ලද වත්කම් නැවත අත්පත් කරගැනීමේ ක්‍රමෝපායන් හා ලෝක බැංකුව එක්ව සිදුකරන ලද සාමූහික කර්තව්‍යයකි. සාකච්ඡා හා බුද්ධි කළම්බන සැසියන්ට සහභාගී වූ  ප්‍රධාන රාජ්‍ය ආයතන වල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් වත්කම් අනාවරණ  හා තහවුරු කිරීමේ ක්‍රියා පරිපාටි පිළිබඳ විශ්වීය අත්දැකීම් හා සමගාමීව සිදුවිය යුතු සංශෝධන සම්බන්ධයෙන් සිය අවධානය යොමුකරන ලදී. මෙම විෂයය සම්බන්ධයෙන් වර්තමානයේ  මෙරට පවතින නීතිය වන 1975 අංක 1 දරණ වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ නීතිය සඳහා සිදුකළ යුතු සංශෝධන පිළිබඳව මූලික පදනම සකස් කිරීම මෙම වැඩමුළුව තුළින් සිදුවිය.        

IMG 3767

IMG 3775

IMG 3778

IMG 3781

IMG 3789

IMG 3790

IMG 3814

IMG 3848

IMG 3769

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search