වරකාපොල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිට නඩු 04ටම වරද පිළිගනී

වරකාපොල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා වූ බෝපේ ආරච්චිලාගේ චන්දන කීර්තිසිරි විජේතුංග යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු 04ක් ගොනුකර තිබිණි.

එකී නඩු අංකයන් වූ යේ 60483/2016,60484/2016,60485/2016,60486/2016 යන ඒවාය.

මෙහිදී අල්ලස් කොමිසම ඉහත නම සඳහන් චුදිතට නගන ලද චෝදනා වුයේ සංශෝදිත 1975 අංක 01 දරණ වත්කම් හ බැරකම් ප්‍රකාශ කීරීමේ පනත ප්‍රකාරව වර්ෂ 2011,2012,2013 හා 2014 යන වර්ෂයන් සඳහා වත්කම් හා බැරකම්  ප්‍රකාශ කිරීමට අපොහොසත් වීමයි.මෙම චුදිත මෙම නඩු 04 සඳහාම වරද පිලිගන්නා ලදී.ගරු මහේස්ත්‍රාත්තුමා චුදිත වරදකරු බවට තීන්දු කිරීමෙන් පසුව එකී සෑම නඩුවක් වෙනුවෙන්ම රුපියල් දහස බැගින් ( රු 1000.00) දඩ නියම කරන ලද අතර එය නොගෙවන්නේ නම් එක් නඩුවකට මාස 03 බැගින් සිර දඬුවම් නියම කරන ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search