එවකට සිටි ක්‍රීඩා අමාත්‍යවරයා වූ මහින්දානන්ද අලුත්ගමගේ සහ එවකට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගබඩා භාරකරු වූ නිශාන්ත ගුණසේකර යන අයට එරෙහිව කොළොඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබු නඩු අංක 59720/01/16 දරණ නඩුව තාක්ෂණික දෝෂයක් මත 2018.01.19 දින ඉල්ලා අස්කර ගන්නා ලද අතර එදිනම පෙර කරන ලද විමර්ශනය මතම හිටපු ක්‍රීඩා අමාත්‍යවරයකු වූ මහින්දානන්ද අලුත්ගමගේ සහ සතොස සභාපති ව සිටි නලීන් රුවන්ජීව ප්‍රනාන්දු යන යෝජිත සැකකරුවන්ට විරුද්ධව අංක B/87776/18 යටතේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් අධිකරණයට කරුණු වාර්තා කරන ලදී.තවද නලීන් රුවන්ජීව ප්‍රනාන්දු යන යෝජිත දෙවන සැකකරුට අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාව වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කරන ලදී.