සී/ස ලංකා විදුලි පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු සේවකයින් කිහිප දෙනෙක් විසින් කරනු ලැබ ඇති මුල්‍ය වැරදි සමුහයක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වා ගෙන ගිය පරීක්ෂණයකට අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයකු හා දැනට අභියාචනාධිකරණ විනිසුරුවරයකු වන අබ්දුල් හමීඩ් මොහොමඩ් දිලිප් නවාස් , හිටපු නීතිපති හා හිටපු අගවිනිසුරු පීටර් මොහාන් මෛත්‍රී පීරිස් සහ හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් මහවිදානලාගේ මුනිදාස චාර්ල්ස් ෆර්ඩිනැන්ඩු යන අයවලුන්ට විරුද්ධව අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනුකරන ලදී.