අල්ලස් කොමිෂන් සභාව වැඩ අල්ලයි

“ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ දැව සංස්ථා සභාපති රිමාන්ඩ්”“ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ දැව සංස්ථා සභාපති රිමාන්ඩ්”

කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍රසූත්‍ර සහ ගොඩනැගිලි පවරා දීමට අනුමැතිය ලබා දීමට පෞද්ගලික සමාගමකින් අල්ලස් වශයෙන් රුපියල් කෝටි 54ක් ඉල්ලා ඉන් රුපියල් කෝටි දෙකක් ලබාගත් බව කියන ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය කුසුම් දාස මහානාම මහතා සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී දිසානායක මහතා ලබන නව වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ  ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. ආචාර්ය අයි ච්කේ මහානාම මහතා මීට පෙර ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වරයා වශයෙන් කටයතු කර ඇත.

කොළඹ හෝටලයක දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මධ්‍යම රාත්‍රී 12ට පමණ මහේස්ත්‍රාත් වරයා ගේ නිල නිවසට ඉදිරිපත් කරනු ලැබීය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ නො. 27/9,  රොස්මිඞ් පෙදෙස, කොළඹ07 ලිපිනැති එම්. ජී.ෂුගර් ලංකා පුද්ගලික සමාගමේ ප‍්‍රධානී කොට හාරාලහල්ලී කොඩිඩප්පයියා නඩරාජා නැමැති ඉන්දීය ජාතිකයා විසිනි.

ශි‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්. ජී. ෂුගර්   පුද්ගලික සමාගම වෙතට රජය මගින් පවරා දී ඇති කන්තලේ සීනි සමාගමකට අයත්  යන්ත‍්‍රසුත‍්‍ර සහ ගොඩනැගිලි පවරා දීම සදහා අනුමැතිය ලබා දීමට  අල්ලස් වශයෙන්පි රුපියල්  මිලියන 540 ක්ඉල්ලා එය රුපියල් මිලියන100 ක් දක්වා අඩු කර අත්තිකාරම් වශයෙන් රුපියල් මිලියන 20 ක් අල්ලස් මුදලක් ඉල්ලා ලබා ගත්තේ යැයි සැකකරුවන් දෙදෙනාට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා නගා ඇත.

එබැවින් පරිස්සම් වන්න

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search