චූදිත විසින් 2005.03.31-2006.03.31 අතර කාලය තුලදී රු. ලක්ෂ 35 කට ආසන්න මුදලක් ඔහුගේ දැනගත් ආදායමට වඩා වැය කර තිබීම නැතහොත් වත්කම් රැස් කිරීම හේතුවෙන් අල්ලස් කොමිසන් සභාව ගොනුකරනු ලැබූ නඩුවෙන් නාවික ඉංජිනේරු සහකාරවරයෙකුට රු.ලක්ෂ 35 ක දඩ නියම විය.
චූදිත විසින් 2005.03.31-2006.03.31 අතර කාලය තුලදී රු. ලක්ෂ 35 කට ආසන්න මුදලක් ඔහුගේ දැනගත් ආදායමට වඩා වැය කර තිබීම නැතහොත් වත්කම් රැස් කිරීම හේතුවෙන් අල්ලස් කොමිසන් සභාව ගොනුකරනු ලැබූ නඩුවෙන් නාවික ඉංජිනේරු සහකාරවරයෙකුට රු.ලක්ෂ 35 ක දඩ නියම විය.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති කේ. මුත්තු විනයාගම් හා ඔහුට අයත් සමාගමක ගිණුම් සහකාරවරයකු කටුගස්තොට ප්‍රදේශයේ වියාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 6ක අල්ලසක් ලබා ගනිද්දී ඔක්තෝබර් 05 වන දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්න ලදී.
ඉකුත් හතර වැනිදා උඩුගම කලාපීය අධ්‍යාපන කාර්යාලයේදී විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්විණි.ඒ සඳහා අල්ලස් කොමිසන් සභාවේ අධ්යක්ෂ විමර්ශන ප්‍රියන්ත චන්ද්‍රසිරි , සහකාර අධ්යක්ෂ නීති තනුජා බණ්ඩාර සහ කොමිසන් සභාවේ නිළධාරීන් කිහිප දෙනෙක් සහභාගී විය.
අල්ලස දුෂණය නිවාරණය කිරීම දැනුවත් කිරීමේ වැඩසටහනක් හෙට දිනයේදී අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ හා ගම්පහ පොදු ජනතාවගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.මෙම ක්‍රියාව සදහා කොමසාරිස් නෙවිල් ගුරුගේ , අධ්යක්ෂ ජනරාල් සරත් ජයමන්න මහතා ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා හා සිවිල් සංවිධානමෙන්ම පොදු ජනතාවද මෙම අවස්ථාවට සහභාගිවනු ඇත.
අල්ලස් කොමිසමේ සහභාගිත්වයක් සහිතව තාරුණ්‍ය සඳහා වන නිවාරණ වැඩසටහනක් 2018 අගෝස්තු මස 29 වන දින අවිස්සාවේල්ල ජාතික තරුණ සේවා සභාවේ පුහුණු කිරීම් මාධ්‍යස්ථානයේදී පැවැත්විය.මෙම කාර්යය යෞවන කටයුතු අමාත්‍යංශය ඇමරිකානු නීතිඥ සංගමය හා තවත් ආයතන වල සහභාගීත්වයෙන් පැවැතිවිණි.මෙම වැඩසටහන සඳහා යොවුන් පාර්ලිමේන්තු නියෝජිතයන් හා ලංකාවේ දිස්ත්‍රික්ක 25 නියෝජනය කරමින් තරුණයන් හා තරුණියන් විශාල පිරිසක් සහභාගී විය.
මතක ඇති ඉතිහාසයක සිට නිදාවැටී සිටි අල්ලස් කොමිසම ( අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම) දැන් අළු ගසා බසා දමා නැගිටිමින් තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාවේ කාර්යභාරය සම්බන්ධ වැඩමුළුවක් 2018.08.21 දින භණ්ධනාගාර නිලධාරින් 40 දෙනෙකු වෙනුවෙන් පවත්වන ලදී.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව ඒකකයක් ලෙස අල්ලස් හෝ දූෂණ නිවාරණ ඒකකය කොමිෂන් සභාවේ සභාපති තුමාගේ ප්‍රධානත්වයෙන් හා කොමසාරිස්වරු දෙදෙනාගේ හා අධ්යක්ෂ ජනරාල් වරයාගේ ඇතුළු සේවකයන්ගේ සහභාගීත්වයෙන් 2018.08.17 (පසුගිය සිකුරාදා) ආරම්භ කරනු ලැබීණි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින් සිය නීති නිළධාරීන්, විමර්ශන හා කාර්යාල නිළධාරීන් වෙනුවෙන් සංවිධානය කරන ලද ප්‍රසම්පාදන ක්‍රම පිළිබඳ පුහුණු වැඩසටහනක් ඊයේ දින පෙ.ව 9.00 සිට ප.ව 5.00 දක්වා කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී පැවැත්විණි.මෙම වැඩසටහන සඳහා අනුග්‍රාහකත්වය දක්වන ලද්දේ EASTWEST විසිනි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
A 36, මලලසේකර මාවත,
කොළඹ 07, ශ්‍රී ලංකාව.
T+94 112 596360 / 1954
M+94 767011954