අල්ලස හා දූෂණය වැලැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම එළි දැක්වීම දෙසැම්බර් 09 වන දිනට

මෙතෙක් විශාල අඩුපාඩුවක්ව පැවති අල්ලස හා දූෂණය වැලැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම එළි දැක්වීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සූදානම් කෙරෙමින් පවතී. මේ සඳහා අදහස් ලබා ගැනීමට රාජ්‍ය පරිපාලන හා කළමණාකරන අමාත්‍යාංශය හා එක්ව         USAID අනුග්‍රහයෙන් දීප ව්‍යාප්ත විද්වත් කථිකාවන් 30 කට ආසන්න සංඛ්‍යාවක් පවත්වන ලදී. ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වු වැඩමුළුව රජයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීන්ගේ ද සහභාගීත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ දී පැවැත්විනි. දෙසැම්බර් 09 වන දිනට යෙදෙන ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනයේ දී ගරු ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෙන් මෙම අල්ලස හා දූෂණය වැලැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම ජනගත කිරීමට නියමිතය.

 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search