මස්කෙළිය පශු වෛද්‍ය කාර්යාලයට අනුයුක්තව සත්ව සංවර්ධන උපදේශකවරයෙක් සේවය කළ තැනැත්තෙක් රු.5000ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ වරද නිසා කොළඹ මහාධිකරණය විසින් ඒ තැනැත්තාව වරදකරු කර ඇත.
මස්කෙළිය පශු වෛද්‍ය කාර්යාලයට අනුයුක්තව සත්ව සංවර්ධන උපදේශකවරයෙක් සේවය කළ තැනැත්තෙක් රු.5000ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ වරද නිසා කොළඹ මහාධිකරණය විසින් ඒ තැනැත්තාව වරදකරු කර ඇත.
යතුරු පැදිකරුවකුගෙන් රු.3000ක අල්ලසක් ඉල්ලු පොලිස් නිලධාරියෙකුට වසර 4ක බරපතල වැඩ සහිත සිර දඩුවම් හා රු.20,000ක දඩයක් නියම කෙරුණි. චූදිත පොලිස් නිලධාරියා ගිරාදුරුකෝට්ටේ පොලීසියට අනුයුක්තව සේවය කරමින් සිටියදී වයස අවුරුදු 6ක දරුවකු අනතුරකට භාජනය කළ යතුරුපැදිකරුවකුගෙන් රු.3000ක අල්ලසක් ඉල්ලා ඇත. අල්ලස නොගෙවන්නේ නම් යතුරුපැදිකරුට විරුද්ධව පියවර ගන්නා බවට මෙම පොලිස් නිලධාරියා විසින් පවසා ඇත.
පැමිණිලිකරු විසින් කපා ගන්නා ලද ගස් කිහිපයක් ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍රය ලබාදීමට අදාළ නිර්දේශය ලබාදීම සඳහා පැමිණිලිකරු ගෙන් රුපියල් 5,000/= ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් අවස්ථාවේ ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන ග්‍රාම නිළධාරී වරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ බලයලත් විමර්ශන නිළධාරීන් විසින් 2018.01.03 වන දින අත් අඩංගුවට ගෙන ඇත.
බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේ ස්ථානාධිපති විසින් වැඩ තහනමට ලක්ව සිටින පොලිස් නිලධාරියකුගෙන් නැවත සේවයේ පිහිටුවීම සඳහා අවශ්‍ය නිර්දේශය ලබා දිමට ඒ වෙනුවෙන් රුපියල් 150,000 ක මුදලක් ඉල්ල එය රුපියල් ලක්ෂයකට අඩුකර ඉන් රුපියල් 50,000 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එම මුදල 2018-12-19 දින ලබා ගත් අවස්ථාවේදී , අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නිවාරණ නිලධාරින් 50 දෙනෙකු බඳවාගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ මේ දිනවල කොමිසන් සභා කාර්යාලයේදී පැවැත්වේ. මේ සඳහා අයදුම්පත් 5000 කට වැඩි ප්‍රමාණයක් අයදුම්පත් ලැබී ඇත.
දකුණු පළාතේ ගාල්ල හා මාතර අධ්‍යාපන කලාපවල සුපිළිපන්න සමාජ අධීක්ෂණය කිරීමේ හා දැනුවත් කිරීමේ වැඩමුළු ගාල්ල ඔල්සේන්ට්ස් විද්‍යාලයේ හා ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයේ සහ මාතර ඕපාත මහා විද්‍යාලයේදී 2018 ඔත්තෝබර් 31 හා 2018 නොවැම්බර් 01 යන දිනයන්හිදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යාපන නිවාරන ඒකකයේ නිලධාරීන් විසින් පවත්වන ලදී.
මෙම වසරේ මේ දක්වා අල්ලස හා දුෂණයට එරෙහිව අධිකරණය මගිහින් වරද කරුවන් කර ඇති ගණන 60කි.අනෙකුත් වසර ව හා සැසදීමේදී එයඉහල අගයක් ගනී.
කැබිනට් මණ්ඩලයේ අනුමැතිය යටතේ රාජ්‍ය ආයතන තුළ නිවාරන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 200 ක මුදලක් ලබා දී ඇත.
මෙතෙක් විශාල අඩුපාඩුවක්ව පැවති අල්ලස හා දූෂණය වැලැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම එළි දැක්වීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සූදානම් කෙරෙමින් පවතී. මේ සඳහා අදහස් ලබා ගැනීමට රාජ්‍ය පරිපාලන හා කළමණාකරන අමාත්‍යාංශය හා එක්ව USAID අනුග්‍රහයෙන් දීප ව්‍යාප්ත විද්වත් කථිකාවන් 30 කට ආසන්න සංඛ්‍යාවක් පවත්වන ලදී. ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වු වැඩමුළුව රජයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීන්ගේ ද සහභාගීත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ දී පැවැත්විනි. දෙසැම්බර් 09 වන දිනට යෙදෙන ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනයේ දී ගරු ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෙන් මෙම අල්ලස හා දූෂණය වැලැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම ජනගත කිරීමට නියමිතය.
ඉතිහාසයේ ප්‍රථම වරට නව ගමන්මගක් ආරම්භ කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව සඳහා ගිණුම්කරණය, පරිගණක විද්‍යාව බැඳුම්කර ආදී විෂය ක්ෂේත්රයන් සඳහා විශේෂඥ විමර්ශන නිලධාරීන් බඳවා ගැනීමට ඉල්ලුම්පත් කැඳවන ලදී. මේ සඳහා 8000 කට අධික ඉල්ලුම්කරුවන් සංඛ්‍යාවක් ඉල්ලුම්පත් යොමු කර ඇති අතර, ඒ පිළිබඳ වු බුද්ධි පරීක්ෂණය සෙනසුරාදා දින 2018.10.27 පැවැත්වීමට නියමිතය.මින් පෙර පොලිස් නිලධාරින් විසින් විමර්ශන කිරීම් කරන ලදී.
පැමිණිලිකරු වන ටී.එල්.මහමුද් රව්ෆ් යන අය පදිංචි මහවැලි අධිකාරියට අයත් ඉඩමට අවශ්‍ය ඉඩම් බලපත්‍රය ලබා ගැනීම සදහා මහවැලි ඒකක කළමනාකරුගේ නිර්දේශය ලබා දීමට වැලිකන්ද සිංහපුර මුතු වැල්ල මහවැලි ඒකක කළමනාකරු විසින් රුපියල් විසිදහසක ( 20,000/- ) ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එම මුදල 2018.10.19 වන දින ලබාගත් අවස්ථාවේදී අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
A 36, මලලසේකර මාවත,
කොළඹ 07, ශ්‍රී ලංකාව.
T+94 112 596360 / 1954
M+94 767011954