සිදුකෙරෙමින් පවතින අළුත්වැඩියා කටයුතු හේතුවෙන් CIABOC හි ප්‍රධාන පිවිසුම් දොරටුව වසා දමා ඇත.කෙසේ වෙතත් පැති පිවිසුම් දොරටුව භාවිත කිරීමට මහජනයාට අවස්ථාව සලසා දී තිබේ.
සිදුවන අපහසුතාවය පිළිබඳව CIABOC සිය කණගාටුව ප්‍රකාශ කරයි.
සිදුකෙරෙමින් පවතින අළුත්වැඩියා කටයුතු හේතුවෙන් CIABOC හි ප්‍රධාන පිවිසුම් දොරටුව වසා දමා ඇත.කෙසේ වෙතත් පැති පිවිසුම් දොරටුව භාවිත කිරීමට මහජනයාට අවස්ථාව සලසා දී තිබේ.
සිදුවන අපහසුතාවය පිළිබඳව CIABOC සිය කණගාටුව ප්‍රකාශ කරයි.
ඊට අමතරව අමාත්‍ය මන්ඩලය විසින් ලබාදෙනු ලැබූ නියෝගය ප්‍රකාරව නීති කෙටුපත් සම්පාදක සමඟ එක්ව නව වත්කම් ප්‍රකාශ කිරීමේ නීතියක් සම්පාදනය කිරීමට CIABOC කටයුතු කරමින් සිටී.එසේම ඩිජිටල් වත්කම් ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදයක් සැකසීමටද CIABOC සැපසුම් සකසමින් සිටී.(ඉලෙක්ට්‍රොනික වත්කම් ප්‍රතාශ තිරීමේ ආකෘති පත්‍රය).එවිට තම වත්කම් ප්‍රකාශ කිරීමේ ආකෘති පත්‍රය පහසුවෙන් ඉදිරිපත් කිරීමට රාජ්‍ය සේවකයිනට අවස්ථාව සැලසෙනු ඇත.
රජයේ දූත පිරිස සමඟ CIABOC හි අධ්යක්ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මාහතාද මෙම සමුළුවට සහභාගී වනු ඇත.මෙම විවෘත රාජ්‍ය හවුල්කාරීත්වය යටතේ CIABOC හට සපුරා ගැනීමට ඇති වැදගත් අරමුණු කිහිපයකි.ඵලදායී නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා ශ්‍රී ලංකාව තුළ වත්කම් ප්‍රකාශ කිරීමේ ආයතනික ක්‍රියාමාර්ග වැඩි දියුණු කිරීම එම අරමුණුය.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් වෙහෙරගල තැන්න කොට්ඨාශයේ, නාමල්ගම ප්‍රදේශයෙන් ඉඩම් කොටසක් පැමිණිලිකාරියගේ දියණියගේ නමින් ලබාදීමට අවශ්‍ය කටයුතු කරදීම සඳහා රුපියල් 5,000/= ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් අවස්ථාවේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ, වෙහෙරගල තැන්න කොට්ඨාශයේ, බෝගස්වැව ඒකක කළමණාකරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ බලයලත් විමර්ශන නිළධාරීන් විසින් 2019.05.09 වන දින අත් අඩංගුවට ගෙන ඇත.
හොරොව්පතාන පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තව්හිත් ජමාත් සංවිධානයේ සාමාජිකයකු යැයි සැක කරන පුද්ගලයකුට නඩු නොපවරා, නිදහස් කරදෙන ලෙස ඉල්ලීමක් කර හොරොව්පතාන පොලිස් ස්ථානාධිපති වරයාට රුපියල් ලක්ෂ 5ක අල්ලසක් දෙන බව පවසා ,ඉන් රු.250,000/- ක මුදලක් අල්ලස් වශයෙන් පිරිනමන ලද අවස්ථාවේදී, එම මුදල් පිරිනමන ලද පුද්ගලයකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
වයඹ පළාතේ පුද්ගලික බස්රථ හිමියකුගේ බස් රථය කුරුණෑගල බස් නැවතුම්පලට ඇතුල්කිරීමේ පිවිසුම් පත්‍රය ලබා දීමට හා එකී බස් රථයේ ධාවන කටයුතු අවහිරයකින් තොරව කරගෙන යාම සදහා මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ධාවන කළමනාකරුවකු ඒ වෙනුවෙන් රුපියල් 100,000/- ක මුදලක් 2019.04.03 වන දින ලබාගත් අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
2018.10.27 දින පැවැත්වූ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරී තනතුර සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගයේ ලිඛිත පරීක්ෂණයේ ප්‍රතිඵලවලින් වැඩිම ලකුණු ලබාගත් අයදුම්කරුවන්ගේ නාම ලේඛනය පහත සඳහන් වේ. එම සියලුම අයදුම්කරුවන් ඉදිරියේදී පවත්වනු ලබන ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයට කැඳවනු ලබන අතර ඉන් සුදුසුකම් ලබන අයදුම්කරුවන් 200 දෙනෙකු විමර්ශන නිලධාරී තනතුර සඳහා තෝරා ගනු ලැබේ.
රු.20,000/-ක අල්ලසක් ඉල්ලා ඉන් රු.10,000/- ගනු ලැබූ ගලෙන්බිඳුණුවැව පොලීසියට අනුයුක්තවී සිටි පොලිස් නිලධාරින් තිදෙනෙකු ගරු මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා විසින් වරදකරුවන් ලෙස තීන්දු කරන ලදී.
අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ජනාධිපති නිතීඥ සරත් ජයමාන්න මහතා අද දින පෙ.ව. 11.30 ට රූපවාහිනි සංස්ථාවේ ජාතික ක්‍රියාකාරි සැලැස්ම එළිදැක්වීම පිළිබඳව පැවැත්වෙන සජිවී සම්මුඛ සාකච්ඡාවකට සහභාගිවීමට නියමිතයි.
මෙසේ අත්අඩංගුවට පත්වූ පුද්ගලයා විසින් වැල්ලවාය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු වෙත මෙම අල්ලස් මුදල පිරිනැමීමට කටයුතු කර ඇත්තේ සිය රුධිර සාම්පලය වෙනස් කරගැනීම උදෙසාය.
රටක අල්ලස දූෂණය තුරන් කිරීම සඳහා දර්ශනයක් තිබිය යුතුය. ඒ දර්ශනය සැලැස්මක ආකාරයෙන් සමස්ත මහජනතාවට ප්‍රදර්ශනය කළ යුතුය. අල්ලස දූෂණය තුරන් කරන්නට සමස්ත මහජනතාවගේ සහයෝගය ලැබෙන්නේ එවිටය. මෙම කාරණය 2015 බලයට පැමිණි රජය තේරුම් ගත්තේ 2017 ඔක්තෝබර් මසදී ය. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් අල්ලස දූෂණය තුරන් කිරීම සඳහා ජාතික සැලැස්මක් නිර්මාණය කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට දැනුම් දෙන ලදී.
නිවාරණ නිලධාරින් බඳවාගැනීම සඳහා 2019 පෙබරවාරි 27 දිනට සූදානම්කර තිබූ සම්මුඛ පරික්ෂණය අවලංගුකර 2019 මාර්තු 06 වන දිනට කල් තැබූ බව දන්වනු ලැබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
A 36, මලලසේකර මාවත,
කොළඹ 07, ශ්‍රී ලංකාව.
T+94 112 596360 / 1954
M+94 767011954