2020 වසරේ 1වන පන්තියට දරුවෙකු ඇතුළත් කර ගැනීමට රු.25,000/- ක අල්ලසක් ඉල්ලා ලබාගන්නා අවස්ථාවේදී පේරාදෙනිය, හිදගල සීවලී මහ විද්‍යාලයේ විදුහල්පති අත් අඩංගුවට ගන්නා ලදී.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිශන් සභාවේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබූ මෙම විදුහල්පතිනිය මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කරනු ලදුව රිමාන්ඩ් භාරයට පමුණුවන ලදී.