අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවත්, UNODC සහ UNDP යන ආයතන 03 එක්ව පසුගිය ජූලි 25,26 සහ 27 යන දිනවල කොළඹ දී අන්තර්ජාතික විශේෂඥයන්ගේ සහභාගිත්වයෙන් සාර්ථක සමුළුවක් පැවැත්විණි. මෙම සමුළුව පැවැත්වූයේ 2012 වර්ෂයේ දී ජකර්තා නුවර දී එළඹෙන ලද ප්රකාශය තවදුරටත් අර්ථ විවරණය කරමින් 'කොළඹ විවරණය' සකස් කිරීමටයි. ජකර්තා ප්රකාශයේ අරමුණ වන්නේ දූෂණයට එරෙහිව ලෝකයේ විවිධ රටවල පිහිටුවා තිබෙන ආයතන සැබැවින්ම ශක්තිමත් කරන්නේ හා ස්වාධීන කරන්නේ කවර අන්දමින් ද යන්න සාකච්ඡා කිරීමයි. එහි මූලධර්ම 16 ක් අඩංගු වී ඇත. ජකර්තා ප්රකාශය එළි දක්වන ලද්දේ එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්රඥප්තියේ සඳහන් ප්රතිපාදනයන්ට පැහැදිලි අරුතක් ලබා දීම සඳහාය.