අල්ලස් කොමිසමෙන් තවත් පිම්මක් - වත්කම් බැරකම් කළමනාකරණය සඳහා මධ්‍යගත ආයතනයක්

මතක ඇති ඉතිහාසයක සිට නිදාවැටී සිටි අල්ලස් කොමිසම ( අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම) දැන් අළු ගසා බසා දමා නැගිටිමින් තිබේ.

2015 මැතිවරණ පොරොන්දු අතර ප්‍රමුඛතාව හිමිව තිබූ අල්ලස, දූෂණයෙන් තොර රටකට සැබෑවටම මෙම කොමිසම දැන් පදනම සකස් කරමින් ඇත. විසිරි ගිය සැලසුම්, වගවීම, වගකීම දැන් ඔවුන් දෝත දරාගනිමින් ඉදිරියට යමින් තිබේ. පෙරදා මෙන් නොව දැන් නීතිය ක්‍රියාත්මක වීමේ විනිවිදභාවය පිළිබඳ ප්‍රශ්න නොමැති තරම්ය. මෙලෙස අල්ලස් කොමිසම දැන් පරිවර්තනීය යුගයකට යමින් තිබේ. යාවත්කාලීන නොවූ අල්ලස් පනත පවා සංශෝධනය වෙමින් දේශපාලන බාධාවකින් තොරව ගමන් කිරීමට කොමිසම මාර්ගය පාද ගෙන තිබීමම මේ රටේ ජනතාව ලබා ඇති ජයග්‍රහණයකි. නීතිය පමණක් නොව මිනිසුන් තුළ සංස්කෘතිකමය වෙනස්කම් කිරීම වෙනුවෙන්ද මේ නීති නිලධාරීන් සිය දෙවුර මතට වගකීම ගෙන තිබේ.

අල්ලස් කොමිසම පිළිබඳව කතා කිරීමේදී වැදගත් කාරණයකි වත්කම් බැරකම් නීතිය.

1988 අංක 74 දරන පනතින් සංශෝධිත 1975 අංක 1 දරන වත්කම් බැරකම් නීතිය වශයෙන් හැඳින්වෙන වත්කම් බැරකම් නීතිය 1994 අංක 20 දරන අල්ලස් (සංශෝධන) පනතින් රාජ්‍ය නිලධාරීන් වශයෙන් අර්ථකථනය කර තිබේ. දේශපාලනඥයන් හා මාණ්ඩලික මට්ටමේ රාජ්‍ය නිලධාරීන් අයථා ලෙස වස්තුව උපයා ගැනීම වැළකීමට හා අයථා ලෙස වස්තුව උපයා ගත් නිලධාරීන් හඳුනාගැනීම සඳහා මෙම නීතිය හඳුන්වා දී ඇත. කෙසේ වෙතත් මේවා කාලානුරූපීව වෙනස් වියයුතුවෙයි. එහෙත් අපේ සමාජයට අදාළව එය යථාර්තයක් නොවූවක් බව සියල්ලෝම පාහේ දන්නා කාරණයකි.

එහෙත් මේ වන විට එම අරාජික කාලය නිමා කරමින් අල්ලස් කොමිසම මෙම නීතියද සංශෝධනය කිරීමට අවධානය යොමුකර තිබේ. වත්මන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතාගේ මෙම පෙරළිකාර ආරම්භය හෙට දවසේදී සාර්ථක ශ්‍රී ලංකාවක් කරා නීතිය මෙන්ම සංස්කෘතිකමය වශයෙන්ද වෙනසකින් යන ගමනක් වනු නොඅනුමානය.

මේ අනුව වෙනස් වන වත්කම් බැරකම් නීතිය ජනගත කිරීම වෙනුවෙන් සරත් ජයමාන්න මහතා මෙලෙස ප්‍රවේශය ලබා ගනී.

වත්කම් බැරකම් ප්‍රකාශ ONLINE ක්‍රමයට!

 

 

විවිධ වූ අභියෝගයන්ට මුහුණ දෙමින් නව්‍යකරණයකට ලක්කර ඇති අල්ලස් කොමිසම මේ වන විට අත්පත්කර ගෙන ඇති තවත් ජයග්‍රහණයකි නිවාරණ වැඩපිළිවෙල. අල්ලසට දුෂණයට එරෙහිව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීම මෙන්ම අල්ලස දූෂණය වළක්වා ගැනීමද ප්‍රමුඛතම කාරණයකි. විශේෂ විමර්ශන නිලධාරීන් බඳවා ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරමින් ඉතා සක්‍රිය ලෙස මෙම කොමිසම ජනගත කිරීම ඔවුන් සැමගේ අරමුණයි.

වඩා දියුණු සමාජයක බලාපොරොත්තුවක් අප සැවොම වෙත වෙයි. එයට මාවත විවර කරන්නටද අල්ලස් කොමිසම කල්පනා කර තිබේ. වත්කම් බැරකම් නීතියේ වෙනස්කම් තුළ එයද දැකගන්නට හැකිවීම භාග්‍යයක් නොවන්නේ කෙසේද?

වත්කම් බැරකම් කළමනාකරණය සඳහා මධ්‍යගත ආයතනයක්!

මේ අතර දඬුවම් ක්‍රමවේදයන්ද අමතක කරලිය නොහැකිය. මඟහැරිය නොහැකිය. එවැනි පාලනයක්ද තිබීම අවශ්‍යවෙයි. එසේ නොවන කල යාවත්කාලීන වන නීතියෙන්ද පලක් නැත.

යාවත්කාලීන වන දඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ / නිශාන්ත ප්‍රියදර්ශන

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search