මහාධිකරණය විසින් රුපියල් මිලියන 1.5ක් රාජසන්තක කරයි

මහාධිකරණ විනිසුරු විසින් අල්ලස් පිරිනැමීම සම්බන්ධයෙන් වරද පිළිගත් චුදීතයින් දෙදෙනකුට බරපතල වැඩ සහිත වසර 2 ක සිරදඩුවම් නියම කර එය වසර 20 කට අත්හිටවන ලද අතර දඩ වසයෙන් රු. 10,000 බැගින් එම චුදිතයන් හට නියම කරන ලදී.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් අසිත ඇන්තනි මහතා අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 77 වන වගන්තිය අනුව මෙම අල්ලස් පිරිනැමීමට යොදාගත් රුපියල් මිලියන 1.5 ක් වූ මුදල රාජසන්තක කරන මෙන් කරන ලද ඉල්ලීම අනුව මහාධිකරණය විසින් එකී මුදල වූ රුපියල් මිලියන 1.5 ක් වූ මුදල රාජසන්තක කරන ලදී.

මෙම නඩුවේ 1 වන චුදිත වන්නේ වත්තල නගර සභාවේ හිටපු උප නගරාධ්පතියෙකුව සිටි T. මොහොමඩ් රිෂාන් යන අය වේ. මෙම නඩුවේ චෝදනාවන් පදනම් වී ඇත්තේ අල්ලස් ලෙස රුපියල් මිලියන 4 ක් පිරිනැමීමට කුමන්ත්‍රණය කර රු. මිලියන 1.5ක් මුදලක් සපුගස්කන්ද පොලිසියේ හිටපු ස්ථානාධිපති වූ රෝෂන් සන්ජීව හට පිරිනැමීමට කුමන්ත්‍රණය කිරීමට හා පිරිනැමීමට කටයුතු කිරීමට අදාලවය.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search