ගරු මහත්මයාණෙනි/මහත්මියනි,
රටක ඉදිරි ගමනට අකුල් හෙලන ප්‍රධානම බාධකයක් ලෙස වර්තමාන ලෝකය තුල වාර්තාගතව ඇත්තේ එම රටෙහි ක්‍රියාකාරි අංශ තුල පවතින අල්ලස සහ දුෂණයයි. අල්ලස සහ දුෂණය හේතුවෙන් ලැබිය යුත්තන්ට ලැබිය යුතු දේ නොලැබී යාමත්, අනවශ්‍ය පාර්ශවයන් අයථා ලාභ ප්‍රයෝජන ලැබීමත්, එම හේතුව නිසාම ඇතිවන සංකුලතා හේතුවෙන්, සත් කාර්යයක් අසත්කාර්යයක් බවට පත්වී ගැටළු පැන නැගී එම ක්රියාවලියෙහි යාන්ත්‍රණය සම්පුර්ණයෙන්ම බිද වැටීම නිරන්තරයෙන් සිදු වන සිදුවීමකි.







