රු 50,000/- ක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධව ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නීතීඥයෙකු හා සූත්රය කමිටුවේ සාමාජිකයෙකු අත්අඩංගුවට ගැනීම

සැනෝදා හර්බල් ප්‍රඩක්ට් ආයතනයේ 2018 වාර්ෂික බලපත්‍රය ලබා දීමට අදාල ගොනු ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවට  (යම් නිෂ්පාදනයක් දේශීය විදේශීය වශයෙන් අලෙවි කිරීම සඳහා සුදුසු බවට අනුමත කරන කමිටුව) ඉදිරිපත් කොට අනුමත කරවා දීම වෙනුවෙන් කමිටුවේ සාමාජිකයෙකු වන සහකාර නීති නිළධාරීවරයෙකු හා සූත්‍ර කමිටු සාමාජිකයෙකු ලක්ෂ 03 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය ලක්ෂ දෙක හමාරකට අඩු කොට ඉන් අත්තිකාරම් මුදලක් වශයෙන් රු 50,000/= ක් කොමිෂන් සභාවේ උපායදූත නිළධාරිණිය ඉදිරිපිටදී අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.  

 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search