2016 අප්‍රේල් 27 දින නිර්දේශ ලිපියක් නිකුත් කිරීම සඳහා රු.25000 ක සන්තෝසමක් ලබාගත් ගලෙන්බිඳුණු වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩබලන ප්‍රාදේශීය ජනපද නිළධාරියා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිළධාරීන් විසින් අත් අඩංඟුවට ගන්නා ලදී.
2016 අප්‍රේල් 27 දින නිර්දේශ ලිපියක් නිකුත් කිරීම සඳහා රු.25000 ක සන්තෝසමක් ලබාගත් ගලෙන්බිඳුණු වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩබලන ප්‍රාදේශීය ජනපද නිළධාරියා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිළධාරීන් විසින් අත් අඩංඟුවට ගන්නා ලදී.
2016 අප්‍රේල් 01 වන දින වේල්ලවීදිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිළධාරීවරයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අත් අඩංගුවට පත් වූයේ නිවාස සංවර්ධන අධිකාරියේ නිවසක් සම්බන්ධයෙන් සහතිකයක් නිකුත් කිරීම සඳහා පැමිණිලිකරුගෙන් රු.7000 ක තුටු පඩුරක් ලබා ගනිමින් සිටියදීය.
පැමිණිලිකරුගෙන් ඉල්ලා සිටි රු.100,000 ක මුදලේ ඉතිරිය වූ රු.75,000 ක සන්තෝසමක් ලබාගනිමින් සිටියදී ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ තඹුත්තේගම කාර්යාලයේ මහවැලි නේවාසික ව්‍යාපාර සංවර්ධන ඉඩම් නිළධාරීවරයා 2016 මාර්තු 23 දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අත්අඩංගුවට පත්විය.
මාර්ග බලපත්‍රයක් පැවරීම සඳහා පැමිණිලිකරුගෙන් රු.50,000 ක තුටු පඩුරක් ලබාගනිමින් සිටි උතුරු මැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ප්‍රවාහන කළමණාකරු 2016 මාර්තු 30 දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අත්අඩංගුවට පත්විය.
සමෘද්ධි සහනාධාර ලබාදීම සඳහා ලිංගික තුටු පඩුරක් ඉල්ලා සිටි කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දිවි නැගුම සංවර්ධන නිළධාරී 2016 මාර්තු 21 දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අත්අඩංගුවට පත්විය.
පැමිණිලිකරුට වාරිමාර්ග බලපත්‍රක් නිකුත් කිරීම සඳහා රු.300,000 ක සන්තෝසමක් ලබාගනිමින් සිටියදී , ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ රණමයුරපුර අංශයේ ආංශික කළමණාකාරවරයා 2016 මාර්තු 18 දින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිළධාරීන් විසින් අත් අඩංඟුවට ගන්නා ලදී.
පැමිණිලිකරුගේ නිවාස සැලසුමකට අනුමැතිය ලබා දීම සඳහා ඔහුගෙන් රු.20,000 ක සන්තෝසමක් ලබාගනිමින් සිටියදී ගාල්ල නගර සභාවේ තාක්ෂණ නිළධාරීවරයා අත්අඩංගුවට ගනිමින් සාර්ථක වැටලීමක් සිදුකිරීමට 2016 පෙබරවාරි 26 දින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වැටලීම් අංශයේ විමර්ශන නිළධාරීන්ට හැකිවිය.
යක්කල අනුර මහා විද්‍යාලයේ සිසුවෙක් තම පාසලට ඇතුළු කරගැනීම සඳහා පැමිණිලිකරුගෙන් රු.50,000 ක සන්තෝසමක් ලබාගනිමින් සිටි නිට්ටඹුව සංගබෝධි විද්‍යාලයේ විදුහල්පතිවරයා සාර්ථක වැටලීමක් තුළින් අත්අඩංගුවට ගැනීමට 2016 පෙබරවාරි 24 දින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වැටලීම් අංශයේ විමර්ශන නිළධාරීන්ට හැකිවිය.
2016 පෙබරවාරි 11 දින සිදුකළ සාර්ථක වැටලීමක් තුළින් ලියා පදිංචි කළ අංක තහඩුව ප්‍රමාදයකින් තොරව ලබාදීම සඳහා පැමිණිලිකරුගෙන් රු.1000ක තුටු පඩුරක් ලබාගත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාල සහායකවරයෙක් අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වැටලීම් අංශයේ විමර්ශන නිළධාරීන්ට හැකිවිය.
පීඩාවකින් තොරව වැලි ප්‍රවාහන කටයුතු සිදුකිරීමට පැමිණිලිකරුට අවසර ලබාදීම සඳහා ඔහුගෙන් රු.3500 ක තුටු පඬුරක් ලබා ගනිමින් සිටි රුවන්වැල්ල පොලීස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයෙක් හා පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට ගනිමින් සාර්ථක වැටලීමක් සිදුකිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වැටලීම් අංශයේ විමර්ශන නිළධාරීන්ට හැකිවිය.
පැමිණිලිකරුට මාළු දැල් හා අනෙකුත් ආම්පන්න ලබාදීම සඳහා ඔහුගෙන් රු.12,000ක තුටු පඩුරක් ලබා ගනිමින් සිටි යාපනය දිස්ත්‍රික් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ධීවර පරීක්ෂකවරයෙක් 2016 පෙබරවාරි 01 දින අත්අඩංගුවට ගනිමින් සාර්ථක වැටලීමක් සිදුකිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වැටලීම් අංශයේ විමර්ශන නිළධාරීන්ට හැකිවිය.
දිල්රුක්ෂි කොන්ත්‍රාත් හා සැපයුම් ආයතනයේ හිමිකරුට අත්හිටවූ සිර දඬුවම්.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
A 36, මලලසේකර මාවත,
කොළඹ 07, ශ්‍රී ලංකාව.
T+94 112 596360 / 1954
M+94 767011954