ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය සැමරුම් උළෙල - 2017

මෙම වසරේ ජාත්‍යන්තර දූෂණ විරෝධී දින සැමරුම් උළෙල 2017 දෙසැම්බර් 09 වන දින පෙ.ව 9.00 සිට ප.ව 12.30 දක්වා කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ ග්රෑන්ඩ් මාර්කි ශාලාවේදී කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල සිවිල් සමාජ ක්‍රියාකාරීන් 150කගේ හා රජයේ සේවයට අනුගත වීමට නියමිත රාජ්‍ය නිළධාරීන් පුහුණු කිරීමේ අධ්‍යයන ආයතනයන්හි ශිෂ්‍ය නිළධාරීන් 100ක් හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේනිළධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

දඬුවම් ක්‍රියාමාර්ග තුළින් පමණක්ම අල්ලස හා දූෂණය තුරන් කිරීමට නොහැකි බව ශ්‍රී ලංකාව හා අනෙකුත් රටවල් දැනුවත් වී ඇති බැවින් ඒවා වැළැක්වීම සඳහා සැලසුම්ගත වැඩසටහනක් අවශ්‍ය බව අවබෝධ කොටගෙන ඇත.

එබැවින් මෙම නිවාරණ ක්‍රියාවලියේ එක් අංගයක් ලෙස අභිමානයෙන් යුතු පිරිසිදු අවංක දේශයක් ගොඩනංවනු වස් සිවිල් සමාජය හා රජයේ සේවයට ඇතුලත් වීමට බලාපොරොත්තුවෙන් සිටින නිළධාරීන් දැනුවත් කරනු පිණිස මෙම වසරේ ජාත්‍යන්තර දූෂණ විරෝධී දින සැමරුම් උළෙල පැවැත්වීමට අල්ලස් හෝ දූෂණ චෝදනා ‍විමර්ශන කොමිෂන් සභාව තීරණය කරන ලදී.

අල්ලස් හෝ දූෂණ චෝදනා ‍විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස් III තුමන් වන නෙවිල් ගුරුගේ මහතා විසින් සැමරුම් උළෙල අමතා ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනයෙහි වැදගත්කම පිළිබඳව සභාව දැනුවත් කරන ලදී.

ඉන් අනතුරුව සර්ව ආගමික නායකතුමන්ලා විසින් ශ්‍රී ලංකාවේ සුපිළිපන්න ක්‍රියා පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ආගමික න්‍යායන් පෙරදැරි කරගනිමින්  දේශන පවත්වනු ලදී.

ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත විසින් “පහසු දේ නොව නිවැරදි දේ කරමු” යන තේමාව ඔස්සේ සභාව අමතමින් වටිනා දේශනයක් පවත්වන ලදී.

ශ්‍රී ලංකා පොලිස් තූර්ය වාදක වෘන්දය විසින් මෙම අවස්ථාව වඩාත් විචිත්‍රවත් කෙරිණි.

සැමරුම් උළලෙහි මෙම අංගය සඳහා USAID ආයතනයේ ප්‍රජාතාන්ත්‍රික පාලනය හා වගවීම පිළිබඳ ව්‍යාපෘතිය (SDGAP) විසින් අනුග්‍රහය දක්වනු ලැබේ.

මෙම සැමරුම් උළෙලට සමගාමීව සුපිලිපන්නභාවය ප්‍රවර්ධනයෙහි වැදගත්කම පිළිබඳව මහජනතාව දැනුවත් කරනු වස් දිවයින පුරා රාජ්‍ය ආයතන වෙත පෝස්ටර් හා ස්ටිකර් බෙදාහැරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා ‍විමර්ශන කොමිෂන් සභාව කටයුතු කරනු ලැබීය.

අල්ලස හා දූෂණයට එරෙහිව ක්‍රියා කිරීම සඳහා පුරවැසියන්ගේ වගකීම විදහා දැක්වෙන පණිවුඩයක් ඇතුලත් 2018 වසරේ මේස දින දර්ශන හා බිත්ති දින දර්ශන ජාත්‍යන්තර දූෂණ විරෝධී දින සැමරුම් උළෙලට සහභාගී වන්නන්ට හා රාජ්‍ය ආයතන වලට බෙදා දීමටද කටයුතු කරනු ලැබීය.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහයෝගය ඇතිව 2017 දෙසැම්බර් මස 09 වන දින දූෂණය පිටුදැකීම මැයෙන් සියළුම ජංගම දුරකථන වෙත කෙටි පණිවුඩයක් යවන ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search