රු.3000/- ක අල්ලස් ලබාගත් පොලිස් නිළධාරීන් තිදෙනෙක් අත්අඩංගුවට

රු.3000.00 ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් පොල්ගහවෙල පොලිස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් විසින් 2017.12.14 වන  දින  අත්අඩංගුවට ගනු ලැබින.

රථවාහන අනතුරක් සම්බන්ධයෙන් පොල්ගහවෙල පොලිස්ථානය මගින් බාරයට ගත් රියදුරු බලපත්‍රයක් නිදහස් කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරදීම වෙනුවෙන් රථවාහන අංශයේ උසාවි රාජකාරි භාර නිලධාරියා  විසින්  රු.5000.00 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා රු.2000.00 ක මුදලක් මුලින් ලබාගෙන ඉතිරි රු.3000.00 ක මුදල තවත් නිලධාරීන් දෙදෙනෙකු විසින් ඉල්ලා ලබා ගැනීමේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරන ලදී.

සැකකරුවන්, පොල්ගහවෙල පොලිස්ථානයේ රථවාහන අංශයේදී අත්අඩංගුවට ගනු ලැබූ අතර, වැඩිදුර විමර්ශන වලින් අනතුරුව  කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර 2017.12.20 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search